ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහමැතිවරණයට තරග කළ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට සමානුපාත නියෝජනය යටතේ
මන්ත්‍රී ධූර දෙකක් හිමිවූ අතර එය බෙදාගන්නට බැරිව අභ්‍යන්තර පිපිරුම් හඩවල් ඇසෙන බව ගෑස් සිලින්ඩරයට සම්බන්ධ දේශපාලනඥයින් වාර්තා කර තිබේ.
මෙම පක්ෂය එජාප පිල හා පොහොට්ටුවෙන් කැඩී ආ පිල යනුවෙන් පිල් දෙකක කන්ඩායම් සිටින අතර ලැබුණ ආසන දෙක එම පිල් දෙකට ලබාදීමට තීරණයවී ඇත.
දිනේෂ් ගුණවර්ධන හෝ ටිරාන් අලස් යන දෙන්නාගෙන් එක් අයෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව පැමිණ ගෑස් සිලින්ඩරයට එකතු වූ කණ්ඩායම වෙනුවෙන් ලබාදීමට නියමිතව ඇති අතර එයින් මුලදී දිනේෂ් ඉදිරියෙන් සිටියත් දැන් වාර්තාවන්නේ ටිරාන්ට අවස්ථාව ලැබීමට වැඩි ඉඩක් ඇති බවකි.
මේ අතර එජාප පිල නියෝජනය කරමින් ලබාදෙන අසුනට රවී කරුණානායක නම් කරන්නට ඉඩ තිබෙන බව ඊයේ වාර්තාවූ නමුත් දැන් එම අවස්ථාව ඡන්ද ඉල්ලා පැරදුණ සාගල රත්නායක මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උත්සාහයක නිරත වී සිටින බව ආරංචිමාර්ග පවසයි.
ඉදිරියේදී එජාප නායකත්වය ගැනීමට රවීට වඩා සාගල සුදුසු බව රනිල්ගේ අදහස බව අභ්‍යන්තර ආරංචි හෙලි කර ඇත.
මෙම මත ගැටුම නිසා සිලින්ඩරයේ ජාතික ලැයිස්තු නම් දෙක තීරණය කර කොමිසමට දැන්වීම කල් ගොස් ඇතැයිද වාර්තා විය.
0 Comments