hakmana-samurdi-bank

හක්මන ගංගො­ඩ­ගම සමෘද්ධි බැංකුවේ සේප්පුව කඩා රුපි­යල් අටලක්ෂ පනස් හයදහස් හය­සිය අසූ­න­ව­යක් වටිනා දේපළ සොර­කම් කළ පුද්ග­ල­යන් දෙදෙ­නකු යතු­රු­පැදි දෙකක් ද සමඟ පෙරේදා (11) අත්අ­ඩං­ගු­වට ගත් බව හක්මන පොලි­සිය පව­සයි.



මෙම සැක­ක­රු­වන් දෙදෙනා ඉකුත් 08 වැනි දින රාත්‍රී සමෘද්ධි බැංකුවේ වහ­ල­යෙන් බැංකු­වට ඇතුළු වී එහි තිබූ සේප්පුව කපා මුද­ලින් රුපි­යල් හාරලක්ෂ හැට­නව දහස් හය­සිය අසූ නව­යක් සහ ලැප්ටොප් පරි­ඝ­ණ­ක­යක් මෙන්ම මේස පරි­ග­ණ­යක් මෙලෙස සොර­කම් කර ඇති බවට තොර­තුරු අනා­ව­ර­ණය වන බව පොලි­සිය කියයි. අත්අ­ඩං­ගු­ව­ට­ ගත් සැක­ක­රු­වන් දෙදෙ­නාගේ සහ ඔවුන්ගේ හිත­ව­තුන්ගේ නිවෙ­ස්වල තිබී සොර­කම් කරන ලද දේපළ සහ මුදල් ද, සේප්පුව කැපීම සඳහා භාවිත කළ උප­ක­රණ ද පොලි­සිය සොයා­ගෙන තිබේ.

එහිදී බෙලි­අත්ත ප්‍රදේ­ශයේ සමෘද්ධි බැංකුව කඩා සොර­කම් කළ පරි­ග­ණ­යක්ද හමුවී තිබේ.



අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් කිරින්ද ඕවි­ටි­ග­මුව ප්‍රදේ­ශයේ පදිංචි අය වන අතර, ඔවුන් එකම පවුලේ සාමා­ජි­ක­යන් බවට හඳු­නා­ගෙන තිබේ.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති මහේෂ් සේනා­රත්න තංගල්ල හා මාතර දිසා ­භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නිශාන්ත ද සොයිසා මහ­තාගේ සහ මාතර කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි පන්ඩුල විර­සිංහ යන මහ­ත්ව­රුන්ගේ උප­දෙ­ස්මත සහ­කාර පොලිස් අධි­කාරි මාතර එක ජී.එස්. ජය­සු­න්දර මහ­තාගේ අධීක්ෂ­ණ­යෙන් හක්මන පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඩබ්ලිව්.පී.ඒ. සනත් කුමාර මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් උප පොලිස් පරී­ක්ෂක ඒ. පී. ජය­සේන පොලිස් සැර­ය­න්ව­රුන් වන 75363 සම්පත්, 40804 ජය­සේ­කර, 72962 කුමාර, පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන 29538 මධු­ෂංක, 96510 දර්ශන, 97648 ප්‍රනාන්දු, 99147 සූරි­ආ­රච්චි, 86387 රත්න­ප්‍රිය, 89414 සම්පත්, 15401 සංජීව යන නිල­ධා­රීහු වැඩි­දුර විම­ර්ශන සිදු­ක­රති.
(වැලි­ගම - අබේ­වි­ක්‍රම ගුණ­රත්න)