මැතිවරණ නීති කඩ කළ බවට වන චෝදනාවක් මත හිටපු ඇමතිවරයෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවූ හරීන් ප්‍රනාන්දු මහතාව බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
හරීන් ප්‍රනාන්දු ඔහුගේ ආධාරකරුවන් සමග දේශපාලන ප්රචාරක කටයුත්තක නිරතව සිටියදී අංකය ප්‍රසිද්ධ කරමින් ඇඳුම් ඇඳ ගැනීම නැවැත්වීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේ නොවැම්බර් 11 වැනිදා බදුල්ලේදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
ආධාරකරුවන් අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ ජර්සියට සමාන ’10’ අංකය ඇතුළත් ටී ෂර්ට් පැළඳ සිටි අතර හරින් පොලිසිය ඉදිරිපිට තම ටීෂර්ටය ගළවා උඩුකය නිරුවතින් පොලිසියට බැන්නේය.
මැතිවරණයේදී ඔහු පරාජයටද පත්වූ අතර මැතිවරනයෙන් පසු මේ ගැන ප්‍රකාහයක් ලබාදෙන ලෙස ඔහුට දන්වා පොලිසියට කැඳවා තිබිණි. ප්‍රකාශය ලබා දීමට පැමිණි අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධ විමර්ශනය පිනිස
හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පොලිසිය පවසන්නේ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමඟ පොලිසිය මැදිහත් වී ටීෂර්ට් අංක සහිතව පැළඳීම වක්‍ර මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයක් ලෙස සළකා ටී ෂර්ට් ඉවත් කරන ලෙස හරීන් ප්‍රනාන්දුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කළත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු එම අවස්ථාවේ නීතියට එකඟවූයේ පොලිසියට තර්ජනය කරමින් පවත්ය.
හරින් ප්‍රනාන්දු යනු හිටපු ජනපතිගේ සමීපතමයෙකු වන අතර මෙවර මැතිවරණයේදී පාර්ලිමේන්තු යාමට අවස්ථාවක් නොලද්දේය.
බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හරින් නොවැම්බර් 11 වැනිදා මෙසේ පැවසීය: "මැතිවරණ නීතිය වෙන පක්ෂයට එකක් මාලිමාවේ අයට ටීශර්ට් ගහගෙන ඇවිදින්න පුලුවන්.මාලිමාවේ ආණ්ඩුව මාසේ නිසා ඔහොම ආතල් එකක් ගන්න දෙන්න.පොලිසියේ නිළධාරින් අපි ගාවත් ඉදල තියනවනේ .පොලිසිය අපේ ආණ්ඩුව යටතේත් හිටියා.මැතිවරණ නීතිය හරියට කරන්න දීලා යනවා…"
0 Comments