අධිකරණ අමාත්‍යවරයාගේ කාර්යභාරය නඩු ඇසීම හෝ නඩු මෙහෙයවන එක නොවේ යැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය ඒ සදහා පොලිසීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙනවා. නිසි පරිදි නඩු පැවරීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව තිබෙනවා.
ඔවුන්ගේ කාර්යභාරය කඩිනමින් සිදු කිරීම සදහා මානව හා තාක්ෂණික පහසුකම් නිර්මාණය කිරීම අධිකරණ අමාත්‍යවරයාගේ කාර්ය භාරයයි. වෘත්තීමය තීන්දු සදහා දේශපාලඥයින් ඇගිලි නොගැසිය යුතුයි. අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට සාර්ථකව සිදු කිරීම සදහා අවශ්‍ය සහාය ලබාදීම කළ යුතුයැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය .අමාත්‍යවරයා මේ බව පැවසූවේ අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද රාජකාරී නිල වශයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුවය.Gossip Lanka News email editor@gossiplankanews.com
0 Comments