සමගි ජන සන්ධානයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් කාන්තාවකට හිමිවනවා නම් එයට සුදුසු තමා බව විශ්වාස කරන්නේ යැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (20) පැවැසුවාය.
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යෑමට සමගි ජන සන්ධානය කාන්තාවකට අවස්ථාව ලබාදේ නම් ඒ සඳහා තමන් සුදුසුකම් සපුරා ඇතැයිද ඇය කීවාය.
පක්ෂය ආරම්භ කළ දවසේ සිට ගම් දනව් පුරා ගොස් පක්ෂය වෙනුවෙන් කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට තමන් කැපවූ බවත් ඇය කීවාය.
පසුගිය කාලය පුරාවටම සමගි ජන සන්ධාන නායකත්වය ජයග්‍රහණය කිරීමට කැපවී කටයුතු කළ බවත් ඇය සඳහන් කළාය. තමා පක්ෂ නායකත්වය සියයට සියයක් විශ්වාස කරන අතරේ නායකත්වයද තමාව සියයට 100ක් විශ්වාස කරන්නේ යැයිද ඇය වැඩිදුරටත් පැවැසුවාය.
සචිත්‍ර පෙරේරා
0 Comments