ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය වැඩසටහන යටතේ, තුන්වැනි ඇගයීම සම්බන්ධයෙන් කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණ තිබේ.ඒ අනුව IMF විධායක අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසු, ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය මුදලේ සිවුවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක් මුදාහැරීමට නියමිතය.
වාහන ආනයනය කිරීමේ රට තුළ පවතින සංචිත පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසයි. එහිදී ඔහු පැවසුවේ වාහන ආනයනය සඳහා පැවති සීමාවන් ඉවත් කිරීමේදී එය මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් ඇති කරන බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා පසුගියදා (22දා) ජනාධිපති කාර්යාලයේදී පැවති අතර, ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම සහභාගී වූහ.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තෙවැනි සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විය.
එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා,
“බලධාරින් සමග අප පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට සිවුවස් විස්තීර්ණ ණය මුදලේ තුන්වැනි ඇගයීම සම්බන්ධයෙන් කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණි බව සතුටින් නිවේදනය කරන්න කැමතියි. IMF විධායක අධ්යක්ෂ මණ්ඩලය විසින් ඇගයීම් සම්පූර්ණ කිරීම සඳහා බලධාර්න් විසින් පූර්ව ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාවට නැංවීම අවශ්‍ය වනවා. 2025 අයවැය IMF වැඩසටහනේ අරමුණුවලට අනුකූල වීම ඊට ඇතුළත්. වැඩසටහනේ ප්‍රමාණවත් මූල්‍යකරණයක් සහතික කිරීමත් එහිදී වැදගත් වනවා. විධායක අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් පසු ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 330ක් පමණ මුදලකට ප්‍රවේශය හිමිවනවා. ඒ සමගම විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට හිමිවන මුළු මුදල ඩොලර් බිලියන 1.3 ඉක්මවනවා.
විස්තීර්ණ ණය වැඩසටහනේ සහාය ලබන ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කර දී තිබෙනවා. මේ වසරේ ජුනි මාසයෙන් අවසන් වූ කාර්තු 04 තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4%ක සාමාන්‍යයකින් වර්ධනය වී තිබෙනවා. මතුපිට උද්ධමනය හා මූලික උද්ධමනය තුන්වැනි කාර්තුවේදී 0.8%ක්, 3.8%ක් ලෙස පාලනය කිරීමට හැකි වී තිබෙනවා. දළ නිල 1 වත්කම් සංචිත ඩොලර් බිලියන 6.4 දක්වා ඔක්තෝබර් අවසානය වන විට ඉහළ ගොස් තිබෙනවා. එහිදී මහ බැංකුව විසින් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීමක්ද දැකිය හැකියි. කැපී පෙනෙන මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු රජයේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් වීමක්ද දක්නට ලැබෙනවා. ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයටම බලපෑමක් ඇති කළ නිසා, ආර්ථික වර්ධනයේ ප්රතිලාභ එම මුළු ජනකොටසටම සාධාරණ ලෙස බෙදීයාමක් අවශ්‍ය වනවා.
ශ්‍රී ලංකාවේ තීරණාත්මක ඊළඟ පියවර වන්නේ වාණිජ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිර්ම නිල ණය හිමියන් සමග එකඟතාවන් අවසන් වශයෙන් සැකසීම හා අනෙකුත් එකඟතාවන්හි කොන්දේසි ක්‍රියාවට නැංවීමයි. එය ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය තහවුරු කරලීමට ඉවහල් වේවි” යනුවෙන් පැවසීය.
(නවෝද්‍යා පවනි)
0 Comments