ඉන්දුනීසියාවේ බාලිහි ෆ්ලෝරස් දූපතේ පිහිටි ලෙවොටෝබි ලකි-ලකි ගිනි කන්ද පිපිරීම හේතුවෙන් බාලි සදහා පැමිණෙන සංචාරක ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ.
පසුගිය සදුදා සිට ක්‍රියාත්මක වූ මෙම ගිනි කන්ද පිපිරීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති අතර, දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත පලා යාමට සිදුවී තිබේ. ගිනි කන්දෙන් පිටවන අළු නිසා අවට ගම්මාන සහ නගර ආවරණය වී ඇත.
ඕස්ට්‍රේලියානු ගුවන් සමාගම් කිහිපයක්ම බාලි දූපතට යන එන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන නිවේදන නිකුත් කර තිබේ.
ජෙට්ස්ටාර්, ක්වොන්ටාස් සහ වර්ජින් ඕස්ට්‍රේලියා යන ගුවන් සමාගම් අඟහරුවාදා රාත්‍රියේ සිට බදාදා උදෑසන දක්වා ඕස්ට්‍රේලියාව සහ බාලි අතර ගුවන් ගමන් අත්හිටුවා ඇත.
ගිනි කන්දෙන් පිටවන අළු වලාකුළ ගුවන් ගමන් සඳහා අවදානමක් ඇති කරන බව සමාගම් පවසයි.
සිකුරාදා දින ගිනි කන්ද විසින් කිලෝමීටර 10ක් පමණ උසට රත් අළු කණුවක් පිට කර ඇති අතර, මෙය මෙතෙක් වාර්තා වූ විශාලතම පිපිරීම ලෙස නිලධාරීන් පවසයි. ගිනි කන්දෙන් කිලෝමීටර 8ක් පමණ දුරට ගිනිගත් පාෂාණ, ලාවා සහ රත් අළු විසි වී ඇති බව ඉන්දුනීසියාවේ භූ විද්‍යා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී හාදි විජය මහතා පවසයි.
මිලියන 270ක ජනගහනයක් සහිත ගිනි වළල්ල මත පිහිටි ඉන්දුනීසියාව තුල ක්‍රියාකාරී ගිනි කන්දන් 120කට වැඩි ප්‍රමාණයක් ඇති අතර,
මෙය ලෝකයේ වැඩිම ගිනි කන්දන් සංඛ්‍යාවක් ඇති රට වේ. 2018 වසරේදී අනක් ක්‍රකටාවු ගිනි කන්ද පිපිරීමෙන් ඇති වූ සුනාමියෙන් ජාවා සහ සුමාත්‍රා දූපත්වල පුද්ගලයින් 400කට වැඩි පිරිසක් මිය ගියහ.
0 Comments