කහතුඩුව ප්රගති මාවත ප්රදේශයේ ඇඟලුම් ආයතන හිමිකරුවකුගේ නිවසකින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න රන් භාණ්ඩ තොගයක් සොරාගත් පින්තාරු ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසීය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.මෙම පුද්ගලයා සිය බිරිය සමඟ නිවෙස් පින්තාරු කිරීමේ රැකියාවක් සඳහා පැමිණ කුලී නිවසක වාසය කරද්දී එම නිවස ඉදිරිපිට පිහිටි ඇඟලුම් ආයතන හිමිකරුගේ නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවේදී ඇතුළු වී එහි කාමරයක තිබී රන් අත් පළඳනාවක්, රන්මාලයක් ඇතුළු තවත් රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පලාගොස් තිබුණි.
සොරාගත් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ දහයකට ආසන්න බව පැවසේ.මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණානාග මහතා ඇතුළු කරමින් නිලධාරීහු විමර්ශන ආරම්භ නිවස ඉදිරිපිට ත්රී රෝද රථ ගාලක පුද්ගලයකුගෙන් ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගත්හ.
මෙම සැකකරු එම ත්රීරෝද රථයෙන් කැස්බෑව නගරයට ගොස් පෞද්ගලික රන් භාණ්ඩ උකස් ආයතනයකට සොරාගත් භාණ්ඩ විකුණා රුපියල් ලක්ෂ 02 මුදලක් ලබාගෙන පසුව එම භාණ්ඩ බේරාගෙන යළිත් තවත් රන් භාණ්ඩ උකස් ආයතනයකට රුපියල් ලක්ෂ තුනකට අලෙවි කර තිබේ.එම භාණ්ඩවලින් කොටසක් උණු කර තිබියදී සොයාගත් අතර සෙසු භාණ්ඩ සොයා විමර්ශන පවත්වයි.
අත්අඩංගුවට ගත් සැකකරු මෙම ප්රදේශයේ නිවසක පින්තාරු සේවය සඳහා පැමිණ කුලී නිවසක සිටියදී මෙම සොරකම කර ඇති බවත් දෛනික වියදම් සඳහා මෙම සොරකම කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
( ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න)
0 Comments