කහතුඩුව නගරයේ පලතුරු බීම වෙළඳසලකට පාරිභෝගික වෙසින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු එහි සිටි කාන්තාවකට පිස්තෝලයක් වැනි යමක් පෙන්වා බිය ගන්වා අත් පා ගැට ගසා කටට රෙදි ඔඛා ඇයගේ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකා පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.කොල්ලකා පලා ගිය දේපළ අතර පවුම් 3 1/4 ක් බර රන් පෙන්ඩනයක් සහිත මාලයක්, මුදු දෙකක් සහ රුපියල් 3000/= ක් වන බව පොලිසිය සඳහන් කරයි.
කුඩයක් අතින් දරා ගත් පුද්ගලයකු ඇතුළු දෙදෙනකු ඉකුත් 22 වැනිදා පලතුරු බිම දෙකක් ඇනවුම් කරමින් වෙළඳසලට ඇතුළු වී ඇති අතර මඳ වේලාවක දී එකවරම පුද්ගලයෙකු විසින් සඟවාගෙන සිටි පිස්තෝල අවියක් වැනි යමක් පෙන්වා බිය ගත්වා මෙම කොල්ලය සිදුකර ඇතැයි පොලිසිය කියයි.
පාසල නිම වී නිවස කරා යන ශිෂ්‍යයකු පලතුරු බීම වෙළෙඳ සලට පැමිණි අවස්ථාවේ දී වෙළඳසලේ හිමිකාරිය එහි වැටී සිටිනු දැක යාබද වෙළඳ සැල වෙත ගොස් මීමැස්මොර රෝගයෙන් යාබද පලතුරු වෙළෙඳ සැලේ හිමිකාරිය බිම වැටී සිටින බවට දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථා නයට ගොස් සොයා බැලීමේ දී මෙම කොල්ලය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කොල්ලය සැල වූ සැණින් එම ස්ථානයට ගිය කහතුඩුව පොලිසියේ නිලධාරීන් අවට සීසිටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මෙම කොල්ලයේ සඳහා කාන්තාවක ද පැමිණ ඇති බවටත් අනාවරණය කර ගැනීමට සමත් වී ඇත.කොල්ලයෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය කහතුඩුව නගරයේ සිට තීරෝද රථයකින් පොල්ගවිට දක්වා ගොස් එතැන් සිට තවත් ත්‍රිරෝද රථයකින් කැස්බෑව දක්වා ගොස් තිබූ බව මෙතෙක් කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.
කොල්ලකරුවන්ගේ මුහුණත සීසී ටීවී දර්ශන මේ වන විට පොලිසියට ලැබී ඇති අතර ඒ ඔස්සේ අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය කියයි.සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එච්.කේ. ප්‍රියංකර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි. ඩී. අරුණනාග මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
0 Comments