kahawatte-incident

බස් රථ­යක ගමන් කර­මින් සිටි කාන්තා­ව­කගේ ගෙල බැඳි රුපි­යල් ලක්ෂ­යක් පමණ වටිනා රන් මාලය කඩා­ගෙන පලා­යෑ­මට උත්සාහ ගත් තරුණ කාන්තා­වක් කහ­වත්ත නග­ර­යේදී අල්ලා­ගෙන තිබේ.

කහ­වත්ත නග­රයේ ලංකා බැංකුව අසල පෞද්ග­ලික බස්‍ ­රථ වේලා සට­හ­න්කරු ලෙස කට­යුතු කරන උපුල් රෝහිත බණ්ඩාර මහතා මෙම සැක­කා­රිය පලා­යද්දී අල්ලා­ගෙන තිබිණ. පෙරේදා (11) උදෑ­සන රත්න­පුර, රක්වාන පෞද්ග­ලික බස­යක සිටි කාන්තා­ව­කගේ ගෙල බැඳි රන් මාලය බසයේ සෙනඟ අත­රේදී මෙම කාන්තාව විසින් කඩා­ගනු ලැබ ඇති අතර,

මගී කාන්තාව තමාගේ රන් මාලය කිසි­යම් අයකු කඩා ගත් බව කිය­මින් කෑ ගසා තිබේ. ඒ අව­ස්ථාවේ බස් රථය කහ­වත්ත නග­රයේ මගීන් නංවා ගැනී­මට නවතා තිබුණු අතර, බස­යෙන් බැස යන එක් කාන්තා­වක් ගැන කොන්දො­ස්ත­ර­ව­ර­යාට ඇතිවූ සැකය මත ඔහු වේලා සට­හ­න්ක­රුට ඒ බව පව­සද්දී ඔහු වහා සැක­කා­රිය අල්ලා­ගෙන තිබේ. සැක­කා­රිය කහ­වත්ත පොලී­සි­යට භාර දුන් අතර, ඇය සමඟ තවත් කතුන් තිදෙ­නකු පැමිණි බවත්, ඔවුන් පලා­ගොස් ඇති බවත් පොලී­සිය පැවැ­සීය.

මෙම කාන්තා­වන් සිවු දෙනා මගී ප්‍රවා­හන බස් රථ­ව­ලට නැඟ මුදල් පසුම්බි සහ රන් ආභ­රණ සොර­කමේ යෙදෙන බව පොලි­සිය කීය. එක් අයකු සොරා­ගන්නා දේ තවත් අයකු අතට පත් කර සූක්ෂ්ම ලෙස මෙම කාන්තා­වන් මෙම කොල්ල­කෑ­ම්වල නිරත වන බවත්,

ඔවුන් සාස්තර කියන මුවා­වෙන් වෙනත් ප්‍රදේ­ශ­යක සිට පැමිණි අය බවත් ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.
(කහ­වත්ත - ලසන්ත නිරෝ­ෂණ පෙරේරා)