රාමඤ්ඤ නිකායේ මහානායක අති පූජ්‍ය මාකුලෑවේ විමල හිමියන් හමුවීමට කළුතරට ගිය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ හමුව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට තම රාජකාරිය ඉටු කිරීමට බාධා එල්ල වූ බව වාර්තා වේ.
මෙම සිදුවීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර, එහිදී අගමැතිනියගේ ආරක්ෂක නිලධාරීන් මාධ්‍යවේදීන්ට උත්සවය ආවරණය කිරීමට අවශ්‍ය නම් සංවිධායකයින්ගෙන් අවසර ලබා ගන්නා ලෙස පවසනු ඇසේ. මීට පෙර මෙවැනි අවස්ථාවල තමන්ට බාධා නොකළ බව එක් මාධ්‍යවේදියෙකු ආරක්ෂක නිලධාරීන්ට පවසනු ඇසේ. කෙසේ වෙතත්, රැස්වීම් කාමරය තුළට ඇතුළු වීමට සමත් වූ සමහර මාධ්‍යවේදීන්ද පිටතට යවා ඇත.
තමන්ට උත්සවය ආවරණය කිරීමට බාධා කරන්නේ නම් ඉවත් ව යන බව මාධ්‍යවේදීන් පවසා පිටව ගිය බව පැවසේ.
0 Comments