පසුගියදා ඇමරිකානු ජනපතිවරණයෙන් පරාජයට පත්වූ වත්මන් ඇමරිකානු උප ජනපතිනි කමලා හැරිස් පරාජයෙන් පසු පළමු වරට මාධ්‍ය ඉදිරියේ පෙනී සිට සිදුකළ කතාව ගැන විවිධ කටකතා පැතිරී ඇත.
අන්තර්ජාලයේ සඳහන් වන්නේ කමලා හැරිස් මත්පැන් බීමෙන් පසු වීඩියෝ පණිවිඩයක් නිකුත් කර ඇති බවයි. මැතිවරණයෙන් පසු හැරිස් නිහඩව සිටි අතර කිසිදු ප්‍රසිද්ධ කථාවක් හෝ ප්‍රධාන පෙළේ පෙනී සිටීම් කර නොතිබුණි. ඇගේ කණ්ඩායම පවසන්නේ ඇය මැතිවරණ ප්‍රතිඵල සමඟ මානසික කඩාවැටීමකට මුහුණ දෙමින් සිටි බවයි. සති ගණනාවක දැඩි මැතිවරණ ව්‍යාපාරයකින් පසු විවේකයක් ගන්නා බවද දන්වා තිබුණි.
පරාජයට පත්වීමෙන් පසු ඇය මෑතකදී බෙදාගත් වීඩියෝවේ සමහර වචන ඇය හුසුරුවන ආකාරය හා ගොරහැඩි කටහඩ තියුණු විවේචනයට ලක්ව ඇති අතර, විරුද්ධවාදීන් ඇය "බීමත්ව" කථාකළ බවට චෝදනා කර ඇත.
වීඩියෝවේදි, හැරිස් ඇගේ ආධාරකරුවන් අමතා අවංක ලෙස මේ මොහොතේ ඇති අභියෝග පිළිගත්තාය.
“මෙය අවිනිශ්චිත කාලයක් බව මම දනිමි. මට ඒ ගැන පැහැදිලියි. මම දන්නවා ඔබටත් ඒ ගැන පැහැදිලියි කියලා, ඒක අපට බරක් දැනෙන දෙයක්,” ඇය තත්වය අසීරු බව පැවසුවේ එලෙසිනි.
කෙසේ වෙතත් හැරිස්ගේ පාක්ෂිකයින් මෙම කතාව අගය කරන අතර මෑත පරාජයෙන් පසු ඇගේ ආධාරකරුවන් පෙළගැස්වීමට සහ දිරිගැන්වීමේ උත්සාහයක් ලෙස හඳුන්වා ඇත.
0 Comments