නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පරාජිත හිටපු ඇමති කංචන විජේසේකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය පුද්ගලයා බවට අලුත් මතයක් පහළවී ඇති අතර සිලින්ඩරයේ පොහොට්ටු පිල ඒ සම්බන්ධ ධනාත්මකව අදහස් දක්වා ඇත.
මේ දක්වා ටිරාන් අලස් හා දිනේෂ් ගුණවර්ධන දෙන්නාගෙන් කෙනෙකු මෙම ආසනයට නම් කරන්නට සූදානමින් සිටියත් අලුතින් පළව ඇති මතය අනුව තරුණ ජවය සහිත මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට පත්කර යැවීම වැඩදායි බව වැඩිදෙනෙකු පෙන්වාදී තිබේ.
කංචන විජේසේකර ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලෙස පෙරමුණේ අද පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරුන් වන අරුන්දික ප්‍රනාන්දු ප්‍රේම්නාත් සී. දොළවත්ත ඇතුළු පිරිසක් මාධ්‍ය වෙත ප්‍රකාශ කළහ. මීට අමතරව , තේරි පත්වූ මන්තී චාමර සම්පත් දසනායකද කංචන අවශ්‍ය යයි පවසා ඇති අතර අලියා ලකුණින් තරග කර තේරී පත්වූ ජීවන් තොන්ඩමන් සිය එක්ස් ගිනුමේ සටහනක් තබමින් කංචන තේරිය යුතු යයි පවසා ඇත.
කෙසේ වෙතත් පක්ෂය තවම අවසන් නිගමනයකට පැමිණ නැත.
මේ අතර සිලින්ඩරයේ අනෙක් එජාප පිලට හිමිව තිබූ අවස්ථාව සදාචාර විරෝධී ක්‍රියාවක නිරත වී රවී කරුණානායක ලබාගෙන ඇති බවට හිටපු මන්ත්‍රීවරුන් චෝදනා කරන අතර ඔහුගේ ක්‍රියාවට එරෙහිව
නුදුරේදීම එක්සත් ජාතික පක්ෂය නීතිමය පියවර ගැනීමට කටයුතු කිරීමට නියමිතයි.
0 Comments