
සපුගස්කන්ද පොලිස් වසමේ මාකොළ දේවාල පාර ප්රදේශයේ නිෙවසක නිවැසියන් කතරගම දේවාලය වැඳපුදා ගැනීමට ගොස් සිටි අතරේ එම නිවසට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව එම ප්රදේශයේ පුද්ගලයකු විසින් හොර රහසේ ගලවා කිරිබත්ගොඩ ප්රදේශයේ අලෙවිසලකට යකඩ බරට විකුණා තිබියදී ඉකුත් 24 වැනිදා සපුගස්කන්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.
සපුගස්කන්ද පොලිස් වසමේ පොලිස් නිලධාරින් අපරාධ නිවාරණ රාජකාරි සිදු කරමින් සිටියදී ඉකුත් 24 වැනිදා මහමඟ ගමන්ගත් සැකකටයුතු පුද්ගලයකු පරික්ෂා කර ප්‍රශ්න කිරීමේදී ප්රදේශයේ නිෙවසක ගේට්ටුව ගලවා විකිණීම සහ එම නිෙවසේ එළියේ තිබූ ඩ්‍රිල් මැෂිමක්ද තමා විසින් සොරාගත් බව සැකකරු පොලිස් නිලධාරින්ට පවසා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval