දෙදෙනෙකුට මරු කැඳවමින් හතළිස් දෙනෙකුට බරපතළ තුවාල සිදුකරමින් බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිඳ අඹගහඔය ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බසයේ රියදුරා, මීට පෙර සිදුකළ රිය අනතුරක් සම්බන්ධයෙන් අධිකරණය විසින් රියදුරු බලපත්‍රය මාස 5කට අත්හිටුවීමෙන් පසු, අදාළ රියදුරු ව්‍යාජව සකසා ගත් රියදුරු බලපත්‍රයක් ළඟ තබාගෙන රියදුරු වෘත්තියේ යෙදී සිටි අයෙක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව
බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා පැවසීය.
ගාල්ල අල්විටිගල ජනපදයේ පදිංචි මෙම රියදුරා, 2024.08.06 වැනිදා අක්මීමන ප්‍රදේශයේදී සිදුකළ රිය අනතුරක් සම්බන්ධයෙන් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රියදුරු බලපත්‍රය අත්හිටුවීමෙන් පසු, සිය රියදුරු බලපත්‍රය අස්ථානගතවී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් සිදුකර මෙලෙස එක්දින සේවය යටතේ මෙලෙස ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සකසාගෙන ඇති බවට හෙළිවී තිබේ.අදාළ රියදුරා ඊයේ (05දා) බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට සාමාන්‍ය වාට්ටුවකට මාරුකර තිබේ. ඔහුගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට නියමිත බව පොලීසිය පැවසීය.
( පාලිත ආරියවංශ)
0 Comments