keheliya-mental

පරිසර අමාත්‍යාංශයට අයත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සමාගමක දූෂණ අක්‍රමිකතා මෙන්ම, මූල්‍ය වංචා රැසක් සිදු කිරීමෙන් පසුව රාජකාරියෙන් ඉවත් කෙරූ තාක්ෂණ නිලධාරියෙකු හිටපු පරිසර අමාත්‍යවරයෙකු වන කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දුරකථන ඇමතුමකට අනුව කිසිදු විමර්ශනයකින් තොරව නැවත සේවයට බඳවා ගෙන

ඔහුට මාසිකව රුපියල් 58,730ක හිඟ වැටුපක් මාස 6කට වැඩි කාලයක් ලබාදීමේ පුවතක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්ව වැඩ තහනමට ලක්වූ මෙම පුද්ගලයාට සතියක් තුළ සේවයේ පිහිටුවන ලෙසට හිටපු පරිසර අමාත්‍යවරයා එවකට සේවය කළ ප්‍රධාන විධායක නිලධාරියාවරයාට දැනුම් දී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.




වැඩ තහනමට ලක් වූ තාක්ෂණ නිලධාරියා තමන්ට සෑම මැතිවරණයකදීම උදව් කර ඇති බැවින් හා ඔහු තමාගේ ළඟම දේශපාලන හිතවතෙකු අනාවරණය කරයි.

අදාළ තාක්ෂණ නිලධාරියාගේ පෞද්ගලික ලිපි ගොනුවේ 'ගරු විෂය භාර අමාත්‍යවරයා දුරකථනයෙන් සිදු කරන කළ ඉල්ලීමට අනුව නැවත සේවයට බඳවා ගනිමි' යනුවෙන් සටහනක්ද තබා හිටපු ප්‍රධාන විධායක නිලධාර්වරයා එදින සිටම එම නිලධාරියා සේවයට බඳවාගෙන ඇති අතර, වැඩ තහනම් කර තිබූ මාස ගණනාවක අදාළව හිඟ වැටුප් ගෙවීම් කර ඇති බවද එම තොරතුරු අනාවරණය කරයි.


වැඩ තහනමට ලක් වූ නිලධාරියා සෘජුවම අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට මෙන්ම c.i.b. ii 365/185 පැමිණිලි අංක යටතේ විල්ගමුව පොලීසියට පැමිණිලි කර ඇති බවත්, ව

ැලි ටිපර් රථ හිමිකරුවෙකුට මරණ තර්ජනය කිරීමක් සම්බන්ධයෙන්ද ඔහුට විරුද්ධව පැමිණිලි ඇති බවත්, විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


තවද රාජ්‍ය දේපළක් ලෙස ආයතනය සතුව තිබූ යතුරුපැදියක් සොරා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවත්, ඒ පිළිබඳ අභ්‍යන්තර බැවින් වහාම සේවයට බඳවා ගන්නා ලෙසටත් හිටපු විමර්ශනයක් සිදුකරන අතර, ඊට අදාළව පොලීසියේ අමාත්‍යවරයා බලපෑම් කොට ඇති බවද අදාළ අංශ පැමිණිලි කොට ඇති බවත්, එම ආරංචි මාර්ග අනාවරණය කළ අතර කින්නියා ප්‍රදේශයේ මහවැලි ගඟේ වැලි කැණීම් ව්‍යාපෘතියේ ස්ථාන භාර නිලධාරියා ලෙස සිටිමින් එම ස්ථානයේ ප්‍රවේශ මාර්ගයක් ඉදිකිර්මට යැයි පවසා ව්‍යාජ ලියකියවිලි සකස් කොට රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචාවක් ඔහු විසින් සිදුකර ඇති බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.




එම ව්‍යාපෘතියේ වැලි පැටවීම්, කම්කරුවන් මගින් සිදුකොට යන්ත්‍ර මගින් පැටවූවා යැයි පවසා ව්‍යාජ ලිපි ලේඛන සකස් කොට එයින්ද විශාල මුදල් වංචාවක් සිදුකර ඇති බවත්, ඒ පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත්, එම ආරංචි මාර්ග වැඩිදුරටත් සනාථ කරයි. මේ පිළිබඳ අදාළ වගකිව යුත්තන් නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයාට, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙන්ම, විෂය භාර අමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාටද, සියලු තොරතුරුද සමගින් පැමිණිලි කිර්මට ලිපි ලේඛන සකසා අවසන් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ උසස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළේය.
(නිමල් ජයරත්න)