kesbewa-incident

කැස්බෑව, හල්පිට, ප්‍රදේශයේ වෛද්‍යවරයකුගේ නිවසට පසුගිය සැප්තැම්බර් මස 13.දින උදෑසන 5.30 ට පමණ උල්පිහි රැගෙන තිදෙනකු ඇතුළුවී වෛද්‍යවරයා හා රියගේ අත්පා බැඳ දමා නිවසේ තිබූ රුපියල් 24,32000/= ක් වටිනා රන්භාණ්ඩ ඇතුළු දේපළ මංකොල්ලකා පලාගොස් සැඟව සිටි කල්ලියේ පුද්ගලයන් දෙදෙනකු ගල්කිස්ස බඩෝවිට තුන්වන අදියර බුදුපිළිමය අසලදී හෙරොයින් මිලි ග්‍රෑම් 21300 ක් හා රන් අත්බරලෝසුවක්ද සමග ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාරියාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.




මෙලෙස සොරාගත් රන්භාණ්ඩ උකස් කිරීම හා අලෙවියට ළඟ තබාගන සිටි කාන්තාවන් දෙදෙනකු පසුගියදා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරගෙන යන අතර, මෙම සැකකරුවන් පිළිබඳව තොරතුරු අනාවරණය වී සිදුකළ විමර්ශනයට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.


ඒ අනුව මෙහි ප්‍රධාන සැකකරු මාලබේ මිහිඳු මාවත 24 වන පටුමග පදිංචිව සිටින වයස අවුරදු (39) වන අතර බඩෝවිට තුන්වන අදියර බුදු පිළිමය අසලදී හෙරොයින් මිලි ග්‍රෑම් 10500 ක් හා රන් ආලේපිත පිරිමි අත්හැරලෝසුවක්ද සමග අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරුට එරෙහිව මීට පෙර මනුෂ්‍ය ඝාතන දෙකකට අධිකරණවල නඩු විභාගවෙමින්ද පවතින බවත් හෙළිවී ඇතැයිද පොලීසිය පැවසීය.


මෙහි දෙවන සැකකරු තුන්වන, බිංගලයාය 12 ජයමාවත පදිංචිව සිටින වයස අවුරදු (31) ක්ද වන අතර,

සැකකරු සන්තකයේ තබාගෙන සිටි හෙරොයින් මිලි ග්‍රෑම් 10800 ක් සමග අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලට අනුව සැකකරුට එරෙහිව මීට පෙරද සොරකම් කීපයකටම අධිකරණවල නඩු කීපයක්ම විභාග වෙමින් පවතින බවට හෙළිවී ඇතැයිද පොලීසිය පැවසීය.
(එච්.එම්. ධර්මපාල)