කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇළ මාර්ගය හරහා ධාවනය කළ ඩබල් කැබ් රථයක් පෙරේදා (05) සවස සැඬ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ව්‍යාපාරිකයකු බව කියන කිරිබත්ගොඩ අශෝක උයන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ලොකු ලියනගේ චන්න කබ්රාල් (69) සහ මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බී දසුන් ප්‍රනාන්දු නැමති 30 හැවිරිදි රියැදුරෙකි.
කැබ් රථය මානකඩ රමුකෙවත්ත මාර්ගයේ ධාවනය කරමින් සිටි අතරතුර ඇළ මාර්ගය හරහා ධාවනය කරවීමේදී සැඩ පහරට හසුව පෙරළී ඇතැයි පොලිසිය පවසයි.
සැඩ පහරට හසු වූ කැබ් රථය මීටර් සියයකට වැඩි දුරක් ජලයේ ගසාගෙන ගොස් නතර වී ඇති අතර මියගිය ව්‍යාපාරිකයා එම ප්‍රදේශයේ පවත්වාගෙන යන වැලි තොටුපොළක රාජකාරි කටයුතු අවසන් කර යළි පැමිණෙමින් සිටියදී මෙලෙස සැඩ පහරට හසුව ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී යැයි පොලිසිය පවසයි.
මියගිය දෙදෙනාගේ සිරුරු අවිස්සාවේල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරීක්ෂණය ඊයේ (06) පැවැත්වීමට නියමිතව තිබිණි. කොස්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(කඩුවෙල කේ. බුද්ධික කුමාරසිරි)
0 Comments