මීගමුවේ හෝටලයක 22 වැනි දා පෞද්ගලික සමාගමක් විසින් සංවිධානය කරන ලද සම්භාෂණයකට සහභාගී වීමට පුතාලා දෙන්නා කුරුණෑගල නිවසේ සිට පිටත් වුණා. අපි කොබෙයිගනේ නිවසේ නැවතුනා. එදින සවස 7.35 ට දෙවෙනි පුතා දුරකතනයෙන් කතාකර හෝටලයට පැමිණි. බව පවසා, ඒ අවට ඡායාරූප කීපයක් ද එවා තිබුණා. ඉන්පසුව පසුදා අලුයම 2.10 ට පමණ පුතාලට කරදරයක් කියන පණිවිඩය එනතුරු පුතාලගෙන් කිසිදු තොරතුරක් නොලැබුණේ යැයි..." එම තරුණයන්ගේ පියා වන ව්‍යාපාරික ඩබ්. එල්. අබේරත්න (59) මහතා පැවසීය.
කුලියාපිටිය - හෙට්ටිපොළ මාර්ගයේ පදවාගෙන එන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පසුගිය 23 දා අලුයම මූනමල්දෙනිය මංසන්ධියට නුදුරින් කඹුරාපොළ පාලම අසලින් බුජ්ජොමු ඔයට පෙරළීම නිසා එහි ගමන් කරමින් සිට මියගිය තරුණ දෙදෙනෙකු කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්ෂක, නන්දන පී. හෙට්ටිගමගේ මහතා විසින් කුලියාපිටිය ශික්ෂණ රෝහලේ පැවැති මරණ පරීක්ෂණයේ දී එම තරුණයන් දෙදෙනාගේ පියාවන අබේරත්න මහතා සාක්කි දෙමින් පැවසීය.ම
ෙසේ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කුරුණෑගල, නොයෙල් මාවතේ සෙනෙවිරත්න පදිංචි නිර්මාල් ධනංජය අබේරත්න (27) හා ඉෂාන්ත පියුමාල් අබේරත්න ( 25 ) නමැති එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. මෙහිදී වැඩිදුරටත් සාක්කි දුන් එම තරුණයන්ගේ පියා වන ඩබ්.එල්. අබේරත්න මහතා:
අපට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. බාල පුතා දැනට ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගනිමින් සිටිනවා. මේ අනතුරට මුහුණ පෑවේ මගේ ලොකු පුතා හා දෙවෙනි පුතයි. දෙවෙනි විදේශගතව සිට පුතා මෙරටට ඇවිත් මාසයකට වඩා නැහැ. සිද්ධියට පෙර දින (22) ඔවුන් දෙදෙනාම මීගමුවේ පාටියකට ගියේ ලොකු පුතාගේ වාහනයෙන්. අපි කොබෙයිගනේ ගෙදර නැවතුනා. මධ්‍යම රාත්‍රිය වනතුරුත් ඔවුන් නොපැමිණි අතර, පණිවිඩයක් ලැබුණෙත් නෑ. පසුව අලුයම 2.10 ට අපි ළඟ වැඩකරන ප්‍රසන්න කතාකරල කීවා පුතාලට කරදරයක් වගේ අපි දැන්ම බුපොමු ඔය ළඟට යමු කීවා. මා සමග නෝනත් ආවා. පාන්දර 3.00 ට පමණ අපි ඔය ළඟට යන විට පුතාලවත්, වාහනයවත් පේන්න තිබුණේ නෑ. කට්ටියක් ඔයේ කිමිදෙමින් සිටි අතර, කෙනෙක් වාහනය තිබෙන බව කිව්වා.
පොලිසිය ඒ සමගම දොඹකරයක් ගෙනවිත් වාහනය ගොඩට ගත් අතර, පුතාල දෙන්නා ඒ වන විටත් වාහනය තුළ සිරවී සිටි අතර, ලොකු පුතා රියදුරු අසුනේ සිරවී සිටියා. ප
ොලිසිය විසින් වහාම ඔවුන් කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත ගෙනගියත් ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටියේ යැයි ද" පැවසීය. එම තරුණයන්ගේ මව වන, චන්ද්‍රා කුමාරි රත්නායක (51) යන අය ද මෙහිදී සාක්කි දුන් අතර, පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.කේ. විජේවර්ධන මහතා විසින් සිදුකරන ලද අතර, ඉදිරිපත්වූ සාක්කි හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව හදිසි අනතුරක් හේතුවෙන් මෙය දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවට මරණ පරීක්ෂකවරයා විසින් තීරණය කරනු ලැබීය.
( නන්ද එස්. ඒකනායක )
0 Comments