පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අලුතින් පත් වු මන්ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද ඊයේ (19) ප්‍රකාශයට පත් කළාය.මේ අනුව සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් පනස් හතර දහසක මාසික දීමනාවක් හිමිවන බව ඇය පැවැසුවාය.එසේම පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දිනයක් වෙනුවෙන් සෑම මන්ත්‍රීවරයකුටම රුපියල් දෙදහස් පන්සීයක දීමනාවක් හිමිවන බව පවසන මහලේකම්වරියර
ැස්වීම් නොපැවැත්වෙන දිනයන්වල කාරක සභා රැස්වීම්වලට සහභාගිවීම වෙනුවෙන් මන්ත්‍රීවරයකුට රුපියල් 2500ක දීමනාවක් හිමිවන බව ද සඳහන් කළාය.දුර ප්‍රමාණය මත ඉන්ධන දීමනාවක් ද හිමිවන බව ඇය කීවාය.
පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත නිවෙසක් නොමැති මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාසයක් ලබා ගැනීමට හැකියාව ඇති බව ද රෝහණදීර මහත්මිය පැවැසුවාය.මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 108ක් පවතී.
ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ඉල්ලීම පරිදි පළමුවෙන්ම ඉල්ලීම ඉදිරිපත් වන අනුපිළිවෙළ අනුව නිවාස දෙන බව ද කුෂානි රෝහණදීර මහත්මිය කීවාය.එම නිවාසයක් වෙනුවෙන් කුලිය ලෙස රුපියල් දෙදහසක මුදලක් මන්ත්‍රීවරයාට ගෙවන බවත් විදුලි බිල හා ජල බිල මන්ත්‍රීවරයා දැරිය යුතු බවත් ලේකම්වරිය පැවැසුවාය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වෛද්‍ය පහසුකම් ලබාගෙන එම මුදල දීමනාවලින් අඩු කිරීමට ද පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශය එක්ව පහසුකම් සලසා ඇති බව පැවැසූ රෝහණදීර මහත්මිය මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය
මණ්ඩලයට අවශ්‍ය දීමනා ද අමාත්‍යාංශය දරන බව ප්‍රකාශ කළාය.
මෙයට අමතරව ලිපි ද්‍රව්‍ය, රුපියල් ලක්ෂයක් පමණ වටිනා මුද්දර පහසුකම් වාර්ෂිකව නොමිලේ දෙන බව ද පැවැසේ.සෑම මන්ත්‍රීවරයකුටම ආරක්ෂාව සඳහා පිස්තෝලයක් හිමිවන අතර එය මෙවර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට දෙන්නේදැයි රජය තවම තීරණයක් ගෙන නොමැත.එසේම සෑම මන්ත්‍රීවරයකුටම පොලිස් නිලධාරින් දෙදෙනකුගේ ආරක්ෂාව හිමිවේ.
(සුජිත් හේවාජුලිගේ )
0 Comments