ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පානම ප්‍රදේශයේ වදුරු ගහනය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් මෙම වදුරන් නිසා ප්‍රදේශවාසීහු මහත් පීඩාවට පත්ව සිටිති.වඳුරන් නිවෙස්වල ජනෙල්, දොරෙන් සහ වහලෙන් ඇතුළු වන බවත් එසේ ඇතුළු වන වඳුරන් නිවෙස් තුළ සිටින කාන්තාවන් බය කර විවිධ දේ රැගෙන යන බවත් පවසති. සමහර වඳුරන් පිරිමින්ටද පාට් දමන බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
මේ සම්බන්ධව ගොවි මහතෙකු වන කේ. හේමරත්න මහතා මෙසේ පැවසීය.
විශාල වඳුරන් නිවෙස්වල වහලට පනින වේගයට සීට්, උළු, කැඩෙනවා ඔවුන් වහලවල් මත සෙල්ලම් කරනවා පමණක් නෙවෙයි. ගස්වල ගෙඩි, මල්, කොළ ආදී සියලුම දේ කනවා. කනවට වඩා විනාශ කරනවා. මෙම වඳුරන් නොකන දෙයක් නැහැ. පානම ප්‍රදේශය ගත්තම ඕනෑම බෝග වර්ගයක් සාර්ථකව වැවෙන ප්‍රදේශයක්. අඹ, ගස්ලබු. මුරුංගා සහ වෙනත් බෝග වලින් සාර්ථක අස්වැන්නක් ගන්න පුළුවන් නමුත් වඳුරන් නිසා ඊට ඉඩක් නැහැ.
මහන්සිවෙලා වගා කරලා මාස ගානක් ආරක්ෂා කළත් අස්වැන්න නෙළන්න ආසන්න වෙද්දී වඳුරන් ඇවිත් සුළු මොහොතින් සියල්ල විනාශ කරනවා. මේ නිසා විශාල ආදායමක් පානමට වාර්ෂිකව අහිමි වෙනවා. ඒක අපේ ආර්ථිකයට බෙහෙවින් බලපානවා. අපට අවශ්‍ය මුදල අපේ ගෙවත්තෙන්ම උපයා ගන්න පුළුවන් සතුන් වගා හානි කරන්නෙ නැත්නම්
බී. සෙනෙවිරත්න මහතා: වඳුරන් පලවා හරින එක ග්‍රාම නිලධාරි වසමට සිවිල් ආරක්ෂක භටයින් දෙන්නා බැගින් යොදවලා ඔවුන්ට වායු රයිපල් ලබා දෙන්න ඕන. ඉන්පසු දුරකථන අංකයක් ලබා දී වසම දැනුවත් කිරීමෙන් වඳුරන් පලවා හැරිය හැකි. සෑම වසමකම මෙය මාසයක් පමණ ක්‍රියාත්මක කරනවිට වදුරන් ගමට පැමිණීම අඩු වෙනවා. ඉන්පසු ව කරණය කළහැකි. එසේ නැතුව ගම තුළදීම වද්‍යා කරණය කිරීම තුළින් බෝවීම නැවතුනත් සිටින වඳුරන් ඔවුන් මිය යන තෙක්ම වගාවන්ට හානි කරනවා. වඳුරන් ගෙන් හානි නැත්නම් අපේ ගෙවත්තේ තිබෙන වගාවෙන් යම් ප්‍රමාණයක් අපේ ආර්ථිකයට දායක කරගන්න පුළුවන්.
අනෙක් බෝග වලට අමතරව අඹ අස්වැන්න පමණක් විශාල වශයෙන් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මම රජයෙන් ඉල්ලනවා මේ වඳුරු කරදරයෙන් අපව මුදවලා දෙන්න කියලා.
පී. පුංචිරාළ මහතා: කුමන සහ පානම වනජීවී උද්‍යාන බාර නිලධාරීන් සමග කළ සාකච්ඡාවකදී එම නිලධාරීන් පවසා තිබෙන්නේ මෙවන් අදහසක්. වඳුරන් කණ්ඩායම් වශයෙන් කූඩුවලට අල්ලා වෙනත් ප්‍රදේශ වලට ගෙනත් දැමීම සහ පිරිමි වඳුරු සතුන් වන්ද්‍යාකරණය කරන්න පුළුවන්. එයින් යම් පාලනයක් සිදු වෙනවා. නමුත් ඒක අපට පමණක් කරන්න බැහැ. මීට සම්බන්ධ අනෙකුත් ආයතනත් සමග සම්බන්ධ වෙලා කළහැකි. ඒ නිසා ප්‍රදේශවාසීන් විසින් ඒ බව ඉහළ නිලධාරීන්ට දන්වා ඉල්ලීමක් කළ යුතුයි. ඊට පස්සෙ ඉහළ තීරණය අනුව අපට ක්‍රියාත්මක විය හැකි යනුවෙන් පැවැසීය.
( ප්‍රියනාත් චන්ද්‍රපාල)
0 Comments