පසුගිය දිනක මාරවිල, ලන්සිගම ප්රදේශයේ සිදුවූ කනගාටුදායක සිදුවීමක් ගැනයි මේ කියන්නේ. දාහත් හැවිරිදි තරුණ ආදරවන්තයින් දෙදෙනෙකුගේ හමුවක් අවසානයේ කඳුළින් කෙළවර වූ කතාවක්.
ඈ පාසල් සිසුවියක්. ඇගේ දෙමව්පියන් කලක සිට දෙදෙනාම විදේශගතව සිටියා. තාත්තා තවමත් ඉතාලියේ වසර ගණනක් තිස්සේ රැකියාවක නිරත වෙනවා. අම්මත් ඉතාලියේ රැකියාවක් කරලා ලංකාවට ඇවිත් වෙළඳසලක් පවත්වාගෙන යනවා.
ඒ වෙළඳසලේ හිමිකරුගේ පුතා එක්ක ඈ කාලයක් තිස්සේ සම්බන්ධයක් පවත්වනවා. ඔවුන් පෙම්වතුන් වෙලා හිටියා. දෙන්නම දාහත් හැවිරිදි තරුණ වයසේ. සිද්ධිය වුණ දවසේ ගෙදර කවුරුත් නැති වෙලාවක ඇය ඔහුව ගෙදරට කැඳවලා තිබුණා.
ඒත් ඒ හමුව කාටවත් හිතාගන්න බැරි විදිහට අවසන් වුණා. පෙම්වතියගේ සිරුරෙන් හදිසියේ ලේ ගලන්න පටන් ගත්තා. බියපත් වුණු තරුණයා කෑගහලා. ඒ සද්දෙට අසල්වැසියෝ දුවගෙන ආවා. ඔවුන් ඇයව වහාම මාරවිල රෝහලට රැගෙන ගියත් එවිටත් ඇය මිය ගොස් සිටියා.
පොලිසිය පරීක්ෂණ පැවැත්වූ විට නිවසේ නිදන කාමරයේ සහ නාන කාමරයේ තැනින් තැන ලේ පැල්ලම් දක්නට ලැබුණා. සිසුවියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුව නිවසට අයුතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් තරුණයා අත්අඩංගුවට ගැනුණා.
ඔවුන් කවරක් කරන්න යද්දී මෙම ලේගැලීම සිදුවුනිද යන්න පෙම්වතාව දැඩි ප්රශ්න කිරීමට ලක්කරනවා.
මියගිය සිසුවියගේ මරණයේ සැබෑ හේතුව සොයා ගැනීම සඳහා ඇගේ මෘත දේහය හලාවත රෝහල වෙත යොමු කර තිබෙනවා. මේ අභිරහස් මරණය පිටුපස ඇති සැබෑ කතාව හෙළි කර ගැනීමට පොලිස් පරීක්ෂණ දිගටම සිදු කෙරෙමින් පවතිනවා.
වසර ගණනාවක් දන්නා හඳුනන නිවසක එකම දියණිය මෙලෙස හදිසියේ මිය යෑම පිළිබඳව ප්රදේශවාසීන් දැඩි කම්පනයට පත්ව සිටිනවා. මෙය තවත් එක් කනගාටුදායක තරුණ ආදර කතාවක අවාසනාවන්ත අවසානයක්.
0 Comments