රජයේ නීතිඥවරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී හානි කළ ඇය සමඟ සමීප ඇසුරක් පැවැත්වූ අයකු සොයා පාණදුර දකුණ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
රජයේ නීතිඥවරිය පෙරේදා (12) පස්වරුවේ සිය රාජකාරි නිමවා නිල රථයෙන් නිවෙස කරා යමින් සිට ඇති අතර, පාණදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී ඇය ගමන්ගත් රථයේ පසුපස වම් අසුන ආසන්නයේ වීදුරුවට පහරදී ඇති බව පොලීසිය කීය.
මෝටර් රථයේ වීදුරුවට එල්ල කළ මිටි පහරින් විදුරුව විනාශ වී ඇති බවත් මිටිය මෝටර් රථය තුළ තිබී සොයාගත් බවත් පොලීසිය සඳහන් කරයි.
රියැදුරුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු නීතිඥවරිය සමඟ කාලයක පටන් සමීප ඇසුරක් පවත්වන බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු වසරකට පමණ පෙර ඇගේ පිටට පිහියකින් ඇන තුවාල සිදු කර ඇති බවත් පොලීසිය පවසයි.
සැකකරු සොයා පාණදුර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.
පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක
0 Comments