මෝටර් වාහන පනත උල්ලංඝනය කරමින් වාහන පරිහරණය කිරීමේ චෝදනාවට වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඞ් ගතව සිටියදී හදිසි අසනීප වීමෙන් පෙරේදා (2) රාත්‍රී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ තත්වය සාමාන්‍ය බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
රත්වත්තේ මහතා ඊයේ (3) පස්වරුව වන විටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බවත් ඔහු ක්ලාන්ත තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවත් එම ප්‍රකාශකයා කීය.රෝහලට ඇතුළත් කළ මොහොතේ සිට පරීක්ෂණ කීපයකට යොමුකළ බව කී එම ප්‍රකාශකයා බරපතළ රෝගී තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බව ද සඳහන් කළේය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතාගෙන් මේ පිළිබඳව ඊයේ (3) පස්වරුවේ කළ විමසුමකදී පැවැසුවේ ලොහාන් රත්වත්තේ මහතා ක්ලාන්ත තත්වයකට පත්වීමෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් ගෙන රෝහල්ගත කිරීමට පියවර ගත් බවත් ඒ පිළිබඳව වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තාවක් කැඳවා ඇති බවත්ය.
(යොහාන් භාසුර)
0 Comments