lohan-wife-arrested

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියව ද එළැඹෙන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පොලිසිය ඇය සොයමින් සිටියදී පසුගියදා අතුරුදන්ව සිටි අතර


පසුව ගංගොඩවිල අධිකරණයට ඇය භාර විය. ඇය එහිදි පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු අධිකරණය ඉදිරියේ අද (04) පෙනීසිටීමෙන් අනතුරුව දින 3 ක් ප්‍රශ්න කිරීම සදහා රිමාන්ඩ් කරන ලදි.
සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මිරිහාන පොලීසියට හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට දැනුම් දීම් සිදුකර තිබූ නමුත් ඇය මගහැරියාය.
 සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාමේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර අත්අඩංගුවට පත්වනතුරු සුවෙන් සිටි ඔහු රක්ෂිත බන්ධනාගාරගතවීමට නියම කළ අවස්ථාවේ සිට

රෝගාතුරවීම විශේෂිතය. හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයාද වන ඔහු බන්ධකාගාර රෝහලට ඇතුළත් කරන්නටත් ඉන් පසු ජාතික රෝහලට මාරු කරන්නටත් සිදුවූ බව මාධ්‍ය වාර්ත කළ අතර ඔහුට ඇති රෝග සම්බන්ධයෙන් වෛද්‍ය නියමයන් සහිත ලිපි ලේඛන ඉදිරිපත් කළ නිසා මෙලෙස රෝහල් සයනයක වැතිරී රක්ෂිත බන්ධගාර කාලය ගෙවාදමමින් සිටී.