මහරගම කොළඹ පාරේ වත්තේගෙදර හන්දිය අසල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක් ඉදිරිපිට නිදා සිටි පුද්ගලයෙකු ජීප් රථයකට යටකර බරපතළ තුවාල සිදුකර පලා ගිය රියදුරු පෙරේදා (23) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක පුද්ගලයෙකි.
අදාළ වෙළෙඳසැල වසා තිබියදී ඉකුත්දා (20) රාත්‍රී 9.40 ට පමණ එහි ඉදිරිපිට නතර කර තිබූ ජිප් රථය නිදා සිටි පුද්ගලයාගේ ඉණ හා පාද ප්‍රදේශය යට වන ආකාරයෙන් පසුපසට ධාවනය කර මෙම අනතුර සිදුකර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වි යැයි පොලිසිය කියයි.එම අවස්ථාවේදී අසල මෝටර් රථයක සිටි රියදුරකු කෑ ගසා එය නැවැත්වීමට උත්සාහ දරා ඇති අතර එය නොතැකූ රියදුරු ඒ ආකාරයෙන්ම ජීප් රථය පසුපසට ගෙන කොළඹ දෙසට පලා ගොස් තිබූ අතර ජීප් රථයේ ලියාපදිංචි අංකය පොලිසියට ලැබී තිබිණි.අනතුරින් එම ස්ථානයේ නිදා සිටි පුද්ගලයාගේ ඉණ ප්‍රදේශයට සහ පාද දෙකටම බරපතළ තුවාල සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
0 Comments