මේ ආණ්ඩුව වසර පහක් තිබෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. එම නිසා ඉදිරියටත් මා දේශපාලනය කරනවා. හිතුණොත් මැතිවරණවලදී තරග කරනවා. යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පැවසීය.
ඔහුගේ පුත් දහම් සිරිසේන මෙවර සර්ව ජන බලය (දිලිත් පක්ෂයේ) අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටියේය.
පොළොන්නරුව නවනගරය විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථානයේදී අද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව කීවේය.
සර්ව ජන බලය අලුත් දේශපාලන පක්ෂයක් ලෙස විශාල බලයක් එනවා. අලුත් දේශපාලන පක්ෂයක් ලෙස සර්ව ජන බලයට හොඳ නායකයකු සිටිනව.
එබැවින් මෙම මැතිවරණයේදී සර්ව ජන බලයට හොඳ බලයක් ලබාගත හැකි බවට තමා විශ්වාස කරනවා.
අලුත් ආණ්ඩුවක් හැටියට මෙම ආණ්ඩුවේ හොඳ දේවල්වලට තමාගේ සහයෝගය ලබාදෙනවා. රටට, ජනතාවට, අහිතකර දෙයක් ඇත්නම් ඒවාට තමා විරුද්ධ වනවා යැයි ද සිරිසේන මහතා පැවසීය.(නිමල් ජයරත්න)
0 Comments