මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේදී ඊයේ (19) රාත්‍රියේ ගැබිණි මවක්, නූපන් දරුවා සමඟ මියයාම රෝහලේ නොසැලකිල්ල මත සිදුවූ බවට පැවති විරෝධතාවයකින් පසු සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිද මැදහත්වී අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මන්නාරම, පට්ටිතෝට්ටම් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 10ක් දරුවන් නොමැතිව
සිටි 27 හැවිරිදි තරුණ මවක් ඊයේ (19) මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ මාතෘ
වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මව සහ නූපන් දරුවා මියගොස් ඇත. මියගිය දරුවා පිරිමි දරුවෙකි.
පොලිසිය කියා සිටියේ. මන්නාරම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්
සඳුදා රාත්‍රියේ දරු ප්‍රසූතියක් සඳහා රෝහල් ගත කර තිබූ අතර ප්‍රසව වේදනා
අවස්ථාවේදී මව සහ දරුවා මියගිය බවයි.
මන්නාරම පට්ටිතෝට්ටම් ප්‍රදේශයේ වනජා නමැති තරුණ මව මිය ගියේ
හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළී සිට බව හෙළිව ඇති අතර ඇයට එම අවස්ථාවේ නිසි ප්‍රතිකාර ලබා නොදීම නිසා එම කාන්තාව සිසේරියන් සැත්කමක් කරන ලෙස ඉල්ලා තිබෙන බව කියැවේ.
නමුත් එය පිළිනොගෙන වෛද්‍යවරුන් ස්වභාවිකව දරු ප්‍රසූතිය සිදු කිරීමට උත්සාහ කිරීමේදී මව සහ දරුවා මිය ගිය බව වාර්තා වේ.
වෛද්‍යවරුන්ගේ සහ හෙද නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවත්, මරණය පිළිබඳ කාරණය දීර්ඝ වේලාවක් යනතුරු ඥාතීන්ට වසන් කළ බවත්, මියගිය කාන්තාවගේ දේහය බැලීමට දෙමාපියන්ට ඉඩ නොදුන් බවත් ඥාතීන් චෝදනා කර තිබේ.
මියගිය කාන්තාවගේ මරණයට සැබෑ හේතුව හෙළිවන තුරු ඇයගේ සිරුර භාර නොගන්නා බව පවසමින් කාන්තාවගේ ඥාතීන් විරෝධතාවයේ නිරත විය.
රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලය නිරතුරුව නොසැලකිලිමත් ලෙස ක්‍රියා කරන බවත්, වැඩ කරන වේලාවේ ටෙලි නාට්‍ය නරඹන බවත්, වැඩිපුර දුරකථන භාවිත කරන බවත්, මාතෘ රෝහල තුළ සිටින බල්ලන්ට පවා ඔවුන් නොසලකන බවත් දරු ප්‍රසූතියට ඇතුළත් වූ කාන්තාවන් චෝදනා කර තිබේ.
මෙම වසරේ මන්නාරම මහ රෝහලේ මාතෘ වාට්ටුවේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවූ තුන්වන මරණය මෙය වීම විශේෂත්වයකි.
මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්
පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහලේ
අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) විසින් සිදුකිරීමට නියමිත බව ය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අසාද් එම් හනිපා මහතා පැවසුවේ, මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට ගොස් පරීක්ෂණ පවත්වන බවයි.
මෙම තත්ත්වය තුළ ඥාතීන්, දෙමාපියන් ඇතුළු පිරිසක් සිය ගණනක් මාතෘ රෝහල අසල විරෝධතාවයක නිරත වූ අතර, එහිදී රෝහල තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිසිය තත්ත්වය පාලනය කළ අතර එම ස්ථානයට පැමිණි මන්නාරම මහේස්ත්‍රාත්වරයා මියගිය මවගේ සහ දරුවාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සහ වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත යවන ලෙස නියෝග කර තිබුණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට පැමිණ පරීක්ෂණ ආරම්භ කරළ අතර දිස්ත්‍රික් මට්ටමින් පරීක්ෂණ පවත්වන ලෙස උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
පරීක්ෂණ අවසානයේ කිසියම් වරදක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස 'X' ප්‍රකාශයක් මගින් විමර්ශනය ගැන නිවේදනය කළේය.
0 Comments