අද(14) පස්වරු 7.30 ට පමණ දඹුල්ල - මහියංගනය මාර්ගයේ ලග්ගල දී පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙකු මිය ගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
වෑන් රථයේ ගැටීමෙන් බස් රථය ප්‍රපාතයකට පෙරළී ඇති බව වාර්තා විය.
අනතුරින් බස් රථයේ ගමන් ගත් 35 දෙනෙකු සහ වෑන් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා විල්ගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණි.
දඹුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ මාතලේ, ලග්ගල විල්ගමුව එලවනාකන්ද ප්‍රදේශයේදී දඹුල්ල දෙස සිට මහියංගණය දෙසට ධාවනය කළ බස් රථය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වැන් රථයක ගැටීමෙන් පසු මාර්ගයෙන් ඉවතට පැන පහල බැවුමකට යෑමෙන් මෙම අනතුර සිදුවිය.
අනතුරින් බස් රථයේ සිටි පිරිස විල්ගමුව රෝහලට ඇතුළු කර ඇති අතර එහිදී බස් රථයේ සිටි දෙදෙනෙක් සහ වැන් රථයේ සිටි එක අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විය.
කොලඹ කොටහේන ප්‍රදේශයේ පදිංචි පිරිසක් රැගෙන වස්ගමු ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා ගමන්කරමින් සිටි බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බව වැඩිදුරටත් වාර්තා විය.
මේ වනවිට බස් රථය තුල තවත් තිදෙනෙකු සිරවී ඇති බැවින් ඔවුන් මුදාගැනීම සදහා ප්‍රදේශවාසීන්, හමුදාව සහ පොලීසිය එක්ව දැවැන්ත පරිශ්‍රමයක් දරමින් සිටින බවත් කියැවිණි.
පිරිස බේරාගනිමින සිටියදී ලබාගත් වීඩියෝවක් පහතින්
0 Comments