ministries-gazette

නව අමාත්‍යවරුන් සඳහා අමාත්‍යාංශවල  විෂය පථය සහ කාර්යභාරය ඇතුළත් ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (26) නිකුත් කරනු ලැබීය. එම ගැසට් නිවේදනය අනුව

 ජනාධිපතිවරයා සතුව පවතින ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආයතන 25 ක් ඇතුළත් වේ. ජනාධිපතිවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශය යටතට  ආයතන 62 ක්  බලශක්ති අමාත්‍යාංශයට  ආයතන 12ක් ඇතුළත් වෙයි.කේ.ඩී. ලාල් කාන්ත මහතා ඇමැති ධුරය දරන කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට ආයතන විසි නවයක් ඇතුළත්ව ඇත.


මේ අතර අධිකරණ අමාත්‍යාංශය යටතට ආයතන 26 ක්ද, අධ්‍යාපන අමාත්‍යංශය යටතට ආයතන 27 ක්ද, කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශය යටතට ආයතන හයක්ද, වෙළෙඳ අමාත්‍යාංශය යටතට ආයතන 17 ක්ද ඇතුළත් වෙයි.සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ආයතන 41 ක්ද, බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතට ආයතන 26 ක්ද, ප්‍රවාහන අමාත්‍යාංශය යටතට ආයතන 16 ක්ද, මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට ආයතන පහක්ද, විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ආයතන අටක්ද, පරිසර අමාත්‍යාංශය ආයතන දොළහක්ද, නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතට ආයතන 19 ක්ද ඇතුළත් වේ.


විෂය පථ සම්පූර්ණ විස්තරය මෙතැන ක්ලික් කර කියවන්න