ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශ අධීක්ෂණය සහ උපදෙස් දීමේ යාන්ත්‍රණයක් රජය මගින් ස්ථාපිත කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
ආරංචි වන පරිදි එය මැතිවරණයට පෙර ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්ති කෙටුම්පත් කිරීම සඳහා සම්බන්ධ වූ මන්ත්‍රීවරුන් සහ විශේෂඥයන්ගෙන් සමන්විත ආයතනයක් වනු ඇත.
ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට පෙර සිය ප්‍රතිපත්ති ප්රකාශයෙන්ද එවැන්නක් ප්‍රකාශයට පත් කර ඇත. සෑම අමාත්‍යාංශයක්ම මෙම ආයතනයේ අධීක්ෂණයට යටත් වනු ඇත.
"එය කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමේදී මඟ පෙන්වීමක් ද ලබා දෙනු ඇත," ආරංචි මාර්ග පැවසීය.
රජය විසින් දැනටමත් අමාත්‍යවරුන් 22 දෙනෙකුගෙන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කර ඇත. පළමු කැබිනට් මණ්ඩලය දැනටමත් රැස්වී අවසන්ය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරුන් එක් අවස්ථාවක පත්කර තිබුණත් එය විධිමත් යාන්ත්‍රණයක් නොවීය.
0 Comments