නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි මහතා තේරී පත්විය.ඒ සඳහා යෝජනාව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර අමාත්‍ය සාවිත්‍රි සරෝජා පෝල්රාජ් මහත්මිය විසින් එය ස්ථිර කළාය.
නියෝජ්‍ය කාරක සභා සභාපතිනිය ලෙස
හේමාලි වීරසේකර තේරී පත්විය.
හේමාලි වීරසේකර පත්කරන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් යෝජනා කළ
අතර එම යෝජනාව සම්මත කරන ලද්දේ සමන්මලී ගුණසිංහයි.
විපක්ෂ නායක ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාව ඔහු කළ ඉල්ලීම අනුව තෝරාගත් බව කතානායකවරයා සඳහන් කළේය.ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස සභානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක තෝරාගත් බවද දන්වා සිටියේය.
පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමිව තිබුණි.
මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
0 Comments