ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු පුනාන්දු මහත්මිය නව අගවිනිසුරු ලෙස පත් කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමිත කර ඇත.අගවිනිසුරු ධුරයට ප්‍රනාන්දු මහත්මිය පත් කිරීමේ නිර්දේශය ආණ්ඩුක්රය ව්‍යවස්ථා සභාවධි ඉදිරිපත් කරනු ලැබුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය වැඩ බලන අගවිනිසුරු ලෙස ඉකුත් ඔක්තෝබර් 10 වැනිදා දිවුරුම් දුන්නාය.කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිනියක වන ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියකි.නීතිපති දෙපාර්තමේන්තුවට 1985 වසරේදී ජනාධිපති නීතිඥවරියක ලෙස සම්බන්ධ වී ඇති ඇය, 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක ලෙස ද, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරියක ලෙස ද උසස්වීම් ලබා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජෙෂ්ඨතම විනිසුරුවරියක වන ඇය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත්ව ඇත්තේ 2018 වසරේ මාර්තු 9 වැනිදාය.අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ලබන දෙසැම්බර් 2 වැනිද විශ්‍රාම යැමට නියමිතය.
( අංජුල මහික වීරරත්න)
0 Comments