
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් ඊයේ (18) විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති චාම් උත්සවයකදී සිය ධූරයේ වැඩ භාර ගත අවස්ථාවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පමණක් එක්ව සිටියහ.
ඊයේ දින දිවුරුම් දී ඊයේම වැඩභාරගැනීම මෙන්ම මෙතරම් ඉහළ වාර්තාගත මනාප ජයග්‍රහණයකින් පසුව පවුලේ අය කිසිවෙක් රැගෙන නොඇවිත් කිසිදු උත්සවයකින් තොරව වැඩ භාරගැනීම මෙතෙක් පැවති ක්‍රමයේ වෙනසක් පෙන්වයි.
මින් ඉහත ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ වැඩ බාරගත් අවස්ථාව විශේෂ උත්සවයක් ලෙස සැමරූ අතර බැනර් කටවුට් සහිතව ප්‍රචාරණයන් පැවති එම අවස්ථාවට නාමල්ගේ මව, බිරිය ඇතුළු පවුලේ අය එක්වී සිටියහ.
නාමල් පමණක් නොව පෙර අවස්ථා වල බොහෝ ඇමතිවරුන් අනුගමනය කලේ එම ක්‍රමයයි.

Comments
Post a Comment
Your comment will be visible after approval