negombo-incident

 අනියම් සම්බන්ධතාව පියාට පැවැසුවේ යැයි කියමින් 13 හැවිරිදි පිරිමි දරුවාට පහර දී සිරුර ගිනි පෙනෙල්ලකින් පිළිස්සුවේ යැයි කියන එම දරුවාගේ මව පෙරේදා (11) අත්අඩංගුවට ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය සදහන් කරයි.මෙම සැකකාරියගේ සැමියා (දරුවාගේ පියා) වසර ගණනාවක් විදෙස්ගත රැකියාවක නිරතව සිට මෙරටට පැමිණ ඇතැයි මීගමුව මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.




පියා විදේශගතව සිටියදී මව පවත්වාගෙන ගියේ යැයි කියන අනියම් සම්බන්ධතාවක් ගැන දරුවා පියාට පවසා ඇතැයි පොලිසිය පවසයි. මෙයින් කෝපයට පත් වූ කාන්තාව සැමියා නොමැති අවස්ථාවක සිය දරුවාට පහර දී සිරුර පුළුස්සා ඇතැයි පරීක්‍ෂණවල දී හෙළි වී ඇතැයි ද සඳහන් කළේය.දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, කච්චමොඩය ප්‍රදේශයේ තිස් අට හැවිරිදි කාන්තාවකි. මීගමුව මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )