සිය පෙම්වතා සමඟ මෙරට සංචාරයක නිරත වූ නෙදර්ලන්ත ජාතික කාන්තාවක් වැලඳගෙන ඇයට විවිධ ආකාරයේ ලිංගික අතවර සිදු කළ සංචාරකයන්ට මල් අලෙවිකරන 15 හැවිරිදි දරුවෙක් කඳපොළ පොලිසිය පෙරේදා (05) අත්අඩංගුවට ගෙන ඇත.
තිස් හැවිරිදි මෙම නෙදර්ලන්ත ජාතික කාන්තාව සිය පෙම්වතා සමඟ නුවරඑළියේ සංචාරයක නිරත වෙමින් කඳපොළ ප්‍රදේශයට ගොස් සිටියදී මල් අලෙවියේ නිරතව සිටි 15 හැවිරිදි දරුවා ඇයට මලක් දී ඇතැයි පොලිසිය කියයි. අනතුරුව එම දරුවා ඇයව වැලඳගෙන ලිංගික ප්‍රදේශය අතගා හිරිහැර කළ බව නෙදර්ලන්ත ජාතිකයා සිය පෙම්වතා සමඟ පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත. ඒ අනුව පොලිසිය විමර්ශනයක් පවත්වා දරුවාව හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වේරලවත්ත තරුණ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට නියෝග කර තිබේ.
(ගයාන් කුමාර වීරසිංහ)
0 Comments