දඹුල්ල පැල්වෙහෙර ප්රදේශයේදී පෙරේදා (12) දහවල් විදේශීය තරුණියක පදවාගෙන යමින් තිබූ ත්රිරෝද රථයක් ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක පිටුපස ගැටීමෙන් ත්රිරෝද රථය පැදවූ විදේශීය කාන්තාව සහ පසුපස ගමන් කරමින් සිටි තවත් විදේශීය කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කොට ඇතැයි දඹුල්ල පොලීසිය ප්රකාශ කළේය.
අනතුරින් තුවාල ලබා ඇත්තේ නෙදර්ලන්තයේ සිට සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි වයස අවුරුදු 23, 24 සහ 25 යන වයස්වල පසු වූ තරුණියෝ දෙදෙනෙකි. දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කොට ඇති තරුණියන් තිදෙනාගෙන් අයෙකුට බරපතළ තුවාල සිදු වී ඇතැයි රෝහල් ප්රකාශකයෙක් සඳහන් කළේය.
පොලොන්නරුව සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් දඹුල්ල පැල්වෙහෙර ප්රදේශයේදී මගීන් බැස්සවීම සඳහා වේගය අඩු කොට ධාවනය වෙමින් තිබියදී
පිටුපසින් පැමිණි නෙදර්ලන්ත ජාතික තරුණිය පැදවූ ත්රිරෝද රථය බස් රියේ පිටුපස ගැටීමෙන් මේ අනතුර සිදු වී ඇතැයි මූලික පරීක්ෂණ පවත්වන දඹුල්ල පොලීසියේ රථවාහන නිලධාරීහු පවසති.
මේ වීදේශීය සංචාරක කාන්තාවන් තිදෙනා මීගමුව ප්රදේශයෙන් ත්රිරෝද රථයක් කුලියට ගෙන දිවයිනේ විවිධ ප්රදේශවලට ගොස් ඇති අතර, මෙදින සීගිරිය නරඹා නැවත දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබියදී මේ අනතුරට ලක්ව තිබේ. දඹුල්ල පොලීසිය අනතුරට පත් බස් රථය සහ ත්රිරෝද රිය භාරයට ගෙන, පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.
0 Comments