හෙට (21) ආරම්භවන නව රජයේ පළමු පාර්ලිමේන්තු සැසිවාරයේ විශේෂිත අවස්ථාවක් වන්නේ කතානායක ධූරයට කෙනෙකු නම් කර පත්කරගැනීමය.
159 ක බහුතර බලයක් හිමිකරගෙන සිටින මාලිමාවෙන් කෙනෙකු මේ සඳහා නම් කරන්නට නියමිතව තිබෙන අතර කතානායක ධූරය සඳහා යෝජනා වූ නම් වරින්වර වෙනස්වූ බව දේශපාලන ආරංචි සඳහන් කරයි.
මුලින්ම මේ සඳහා බිමල් රත්නායකගේ නම යෝජනා වූ නමුත් ඔහු කතානායක ධූරයේ සිරවී සිටිනවාට වඩා තමන්ට වැඩ කළ හැකි අමාත්‍යංශයක් ඉල්ලා තිබීම නිසා ඔහුට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පිරිනැමුණි.
අනතුරුව සලකා බැලූයේ මෙවර පාර්ලිමේන්තුවට හම්බන්තොටින් තේරී පත්වූ ජවිපෙ පැරනිතම මන්ත්‍රීවරයෙකු වන නිහාල් ගලප්පත්තිය. ඔහුට පාර්ලිමේන්තුවේ කටයුතු ගැන නිසි අවෙබෝධයක් පැවති නිසා බොහෝ අය ඔහු පත්කරනවාට කැමැත්තෙන් සිටි බව කියැවේ.
කෙසේ වෙතත් දැන් අලුතින් වාර්තාවන්නේ ඔහු නියෝජ්‍ය ඇමති ධූරයක් සඳහා වැඩි කැමැත්තක් දක්වා ඇති බවයි. මේ හේතුවෙන් විශේෂයෙන් වැඩ නොපැවරූ මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු කතානායක ධූරය පිරිනමන්නට තීරණයවී ඇති අතර
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව වාර්තාවේ.
ඔහු පාර්ලිමේන්තුවට නවකයෙකුවීම විශේෂිතය.
ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වන රන්වල මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප ලැයිස්තුවේ හයවන ස්ථානය දිනා පාර්ලිමේන්තුවට පැමිණි අයෙකි.හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයෙකි.
කෙසේ වෙතත් පළාත් සභා හැසිරවීමේ අත්දැකීම් ඔහු සතුය.
ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ලෙස ද කටයුතු කර ඇති ඔහු ජෛව ජනන අර්ථ ශාස්ත්‍ර පර්යේෂණායතනයේ අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇත.
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා හෙට තෝරාගන්නට නියමිත අතර මෙවර නියෝජ්‍ය කතානායක ධූරය සුළු ජාතික නියෝජනයක් වෙනුවෙන් වෙන්කිරීමට යෝජනාවී තිබේ.
0 Comments