නලින්ද ජයතිස්ස මාධ්‍ය ප්‍රකාශක
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කර තිබෙයි.
පාර්ලිමේන්තු සභානායක ධුරය බිමල් රත්නායකට
අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී
අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තු සභානායක ධුරයට පත් කර තිබේ.
ඇමතිවරු රැසක් වැඩභාරගනී
කැබිනට් අමාත්‍ය ධුරවලට පත් වූ ඇතැම් අමාත්‍යවරුන් අද පස්වරුවේ සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අඟහරුවාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.
මේ අනුව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ,
යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස ඇමැති අනුර කරුණාතිලක,
විදුලිබල අමාත්‍ය පුණ්ණිය ශ්‍රී කුමාර ජයගොඩ,
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා සංචාරක අමාත්‍ය කේ.ටී.ලාල්කාන්ත,
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හන්තුන්නෙති,
පරිසර ඇමැති තම්මික පඩපේඩි,
උපාලි පන්නිලක, ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය
ධීවර, ජල විද්‍යා හා සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්,
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය ධූරයේ වැඩ භාර ගන්නා බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මං දැන් ගම්මා විතරයි - ගම්මංපිල
තමාට දැන් තනතුරක් නැතත් හැමදාම කියූ ලෙස 'ගම්මා' යයි අමතන ලෙස
කොළඹ අද පැවති මාධය හමුවකට එක්වෙමින් පරාජිත හිටපු මන්ත්‍රී උදය ගම්මංපිල කීය.
මෙවර මහ මැතිවරණයේදී උතුර සහ කඳුකරයෙන් ජාතික ජන බලවේගය ලැබූ ජයග්‍රහණය තමන් බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කීය.
0 Comments