nov14-electiondate-confirmed

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින (නොවැම්බර් 04) නිකුත් කළ නියෝගයකට අනුව, නොවැම්බර් මස 14 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගැනීමට තීරණය කර ඇත.

විනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන,

විනිශ්චයකාර ශිරාන් ගුණරත්න සහ විනිශ්චයකාර ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින් සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම තීරණය ලබා දී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අනුව, ජනාධිපතිවරයා විසින් මැතිවරණ පනතට අනුකූලව මැතිවරණ දිනය නියම කර ඇති අතර, මැතිවරණයට අදාළ කටයුතු බොහෝ දුරට නිම කර ඇති බව අධිකරණය පිළිගෙන ඇත.



මෙම පෙත්සම ගොනු කර තිබුණේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු සහ "අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ" සංවිධායක එච්.එම්. ප්‍රියන්ත හේරත් මහතා විසිනි.
ඒ අනුව කිසිදු වෙනසකින් තොරව නොවැම්බර් 14 වනදා ඊළග මහමැතිවරණය පවත්වනු ඇත.