npp-national-list-names

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා 18 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඔවුන්ගේ නම් මැතිවරණ කොමිසම මගින් පිළිගෙන මන්ත්‍රී ධූර සඳහා  ගැසට් කර තිබුණි.
මෙම 18 න් 16 ක්ම මැතිවරණයට පෙර ලබාදුන් ලැයිස්තුවේ සිටි අය වන අතර දෙන්නෙකු මෙවර මැතිවරණයට තරග කර වන්නි හා දිගාමඩුල්ල ප්‍රදේශවලින් පරාජය වූ දෙන්නෙකි.(අබුබකර් ආදම්බාවා හා උපාලි සමරසිංහ)
එම 18 දෙනාගේ සුදුසුකම් කෙටියෙන් මෙසේය.

  1. බිමල් රත්නායක – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
  2. ආචාර්ය අනුර කරුණාතිලක – කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  3. මහාචාර්ය උපාලි පන්නිලගේ – රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  4. එරංග උදේශ් වීරරත්න – සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
  5. අරුණ ජයසේකර – විශ්‍රාමික මේජර් ජෙනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී.
  6. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම – සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික
  7. ජනිත රුවන් කොඩිතුවක්කු – නාවුක සහකාර ඉංජිනේරු, ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික
  8. පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි – ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
  9. රාමලිංගම් චන්ද්‍රසේකර් – පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක
  10. වෛද්‍ය නජිත් ඉන්දික – සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු
  11. සුගත් තිලකරත්න – ඔලිම්පික් ක්‍රීඩක
  12. නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික
  13. සුනිල් කුමාර ගමගේ – වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ආර්ථික කවුන්සිල සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති
  14. ගාමිණී රත්නායක – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු
  15. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ – ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති
  16. සුගත් වසන්ත ද සිල්වා – සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති.
  17. අබුබකර් ආදම්බාවා – දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසයේ අපේක්ෂක, රුහුණ විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරී, අධ්‍යාපනවේදී පශ්චාත් උපාධිධාරී, ලංකා ගුරු සේවා සංගමයේ උප ලේකම්
  18. ආර්. එච්. උපාලි සමරසිංහ – වන්නි මැතිවරණ කොට්ඨාශයේ අපේක්ෂක – ජාතික ජන බලවේගයේ වව්නියාව දිස්ත්‍රික් සංවිධායක.



ජාතික ලැයිස්තුවෙන් තේරී පත් නොවුණ නමුත් ලැයිස්තුවේ පොරොත්තු ලේඛනයේ සිටින ඉතිරි 13 දෙනා මෙසේය.

01.
මහාචාර්ය වසන්තා සුභසිංහ
කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සහික, සමාජ සවිබල ගැන්වීමේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
02. කීර්ති වැලිසරගේ
සම්මානිත සාහිත්‍යවේදී, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
03. චමිලා කුමුදු පිරිස්- ප්‍රවීන රංගන ශිල්පි
04. අබ්දුල් ෆතා මොහොමඩ් ඉක්රාම්
එමරල්ඩ් පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ
05. රංජන් ජයලාල් පෙරේරා
ලංකා විදුලි සේවත සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික
06. මොහම්මදු නසීර් ඉම්රාන්
ගුරු වෘත්තීය, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
07. ක්ලොමට් මාර්ටින් නෙල්සන් -ප්‍රවීන නාට්‍යවේදී, සමාජ හා ධීවර සමිති ක්‍රියාකාරික
08. රොමේෂ් මොහොන් ද මැල් - සමාගම් අධ්‍යක්ෂ
09. බෙනිටා ප්‍රිශාන්ති හෙට්ටිතන්ත්‍රි- සමාගම් අධ්‍යක්ෂ
10. පුබුදු නුවන් සමරවීර
පශු වෛද්‍ය, ජාතික ජන බලවේගයේ ඕස්ට්‍රේලියාවේ සම්බන්ධීකාරක සහ මෙල්බර්න් නගර සංවිධායක
11. සරත් ලාල් පෙරේරා
සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ සහ විශ්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ ලේකම්
12. අනුර හෙට්ටිගොඩ ගමගේ
ගණකාධිකාරි, ජාතික ජන බලවේගයේ කටාර් සංවිධායක
13. හේමතිලක ගමගේ - මාධ්‍යවේදී