npp-win-election

 2024 මහමැතිවරණයේ නිකුත් කෙරුණු ඡන්ද ප්‍රතිඵල වලට අනුව 68 ලක්ෂයක් ඡන්ද ලැබූ ජාතික ජනබලවේගයට 10 වන පාර්ලිමේන්තුවේ බහුතර බලය  හිමිව ඇතුවාසේම එය ‍එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ තනි පක්ෂයක් ලබාගත් ඉහළම ජයග්‍රහණය ලෙස වාර්තාවක්ද තබා ඇත.
ඡන්ද පවත්වා ලබාදෙන ආසන 196 න් 141 ක බලය ජාතික ජනබලවේගය සතුකරගෙන තිබෙන අතර
ඉදිරියේ ලැබෙන ජාතික ලැයිස්තු ආසන බෝනස් ආසන එකතුව අනුව 150 ඉක්මවා එනම් 2/3 බලයක් සහිත ආණ්ඩු පක්ෂයක් පිහිටුවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
මේ දක්වා කිසිදු මහමැතිවරණයකදී මේ තරම් ඉහළ ජයග්‍රහණයක් අත්කරගැනීමට කිසිදු තනි පක්ෂයකට හැකියාව ලැබී නැති අතර සන්ධනාගතවී 2/3 බලය තනාගත් පක්ෂ පිලිබඳ පමණක් ඉතිහාසය සාක්ෂි දරයි.


මෙවර විපක්ෂයට එක්වන අයගෙන් සජබයෙන් 35 ක් ද,ඉලංගෙයි තමින් අරුසු කච්චි 7 ක්ද ,සිලින්ඩරයෙන් 3 ක්ද සහ පොහොට්ටුවෙන් 2 ක්ද වනු ඇත.
මෙහිදී  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 29 ඉදිරියේදී නම් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවට පත්වන මුළු ජාතික ලැයිස්තු මන්ත්‍රීන් සංඛ්‍යාව 29 කි. මෙය ගණනය කෙරෙනුයේ එක් එක් පක්ෂය ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව, මැතිවරණයේ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් බෙදා 29 න් ගුණ කිරීමෙනි. එහිදී එන අගයයන් ආසන්නතම පූර්ණ සංඛ්‍යාවට වැටයීමෙන් පසු ඡන්ද ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින පක්ෂ සඳහා හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව තීරණය කෙරේ. මෙම ගණනයෙන් පසු ආසනයක් හෝ දෙකක් ඉතිරිව පවතී නම් එය මීළඟට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ඇති පක්ෂ වෙත ඒවා පිරිනමනු ඇත.