ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනා බී ලූනු තොගයක් සොරාගත් එම ලොරියේ රියැදුරු, සහයකයා ඇතුළු 12 දෙනෙකු පෙරේදා (26) අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.එම සැකකරුවන් සමග සොරාගෙන තිබූ බී ලූනු තොගයෙන් කිලෝ 970 ක් පිටකොටුව සහ අවට වෙළෙඳසල්වලට විකුණා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත. අත්අඩංගුවට පත්වූවන් අතර ව්‍යාපාරිකයන්, නාට්ටාමිවරුන් ද වන බව පොලිසිය සඳහන් කරයි.
ඉකුත් 24 වැනිදා පිටකොටුව 5 වැනි හරස් වීදිය තොග වෙළෙඳ සලකට බහලුමක් සවිකළ ලොරියකින් රැගෙන ආ බී ලූනු තොගයෙන් අඩක් තොග වෙළෙඳසලේ ගබඩාකර ඉතුරු තොගය මාබෝල ප්‍රදේශයේ ගබඩාවට රැගෙන යන ලෙස හිමිකරු දැනුම් දීමෙන් අනතුරුව ලොරියේ සහායකයා සහ රියැදුරු එම බී ලූනු තොගයෙන් කිලෝ 2565 ක් මාබෝල කරා යන අතරවාරයේදී විවිධ පුද්ගලයන් වෙත විකුණා ඇති බවට කොළඹ 8 බේස්ලයින් මාවත,
සහස්පුර පදිංචි වෙළෙඳ සහායකයකු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස සොරාගෙන තිබූ තවත් බී ලූනු තොගයක් පිටකොටුව සහ අවට වෙළෙඳසැල්වලින් ඊයේ 27 සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.අත්අඩංගුවට පත් වූවෝ වයස අවුරුදු 23-63 අතර පසුවන දෙහිවල වැල්ලම්පිටිය, ආදුරුප්පු වීදිය, නිකවැරටිය, තලවකැලේ, මාලඹේ, හඟුරන්කෙත, හසලක හා මාලිගාවත්ත පදිංචිකරුවෝ වෙති.සැකකරුවෝ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති. පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ලලිත් ප්‍රධාන පොලිස් පරීක්ෂක සිලෝගම මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
0 Comments