parliament-day-begins

දස වැනි පාර්ලි­මේ­න්තුවේ පළමු සභා වාරය අද (21) පෙර­වරු 10.00ට උත්ස­වා­කා­ර­යෙන් ආරම්භ කෙරේ. පාර්ලි­මේ­න්තුවේ ප්‍රථම සභා වාරය ආරම්භ කිරීම සඳහා පෙර­වරු 9.55ට ගණ­පූර්ණ සීනුව නාද කිරී­මෙන් අන­තු­රුව පෙර­වරු 10.00ට පාර්ලි­මේ­න්තුව රැස්වේ.
වේත්‍ර­ධාරි කුෂාන් ජය­රත්න මහතා විසින් සෙංකෝ­ලය සභා ගර්භයේ තැන්පත් කිරී­මෙන් පසුව පාර්ලි­මේ­න්තුව රැස් වන දිනය හා වෙලාව නියම කර­මින් ජනා­ධි­ප­ති­ව­රයා විසින් නිකුත් කරන ලද අති­වි­ශේෂ ගැසට් නිවේ­දන පාර්ලි­මේ­න්තුවේ මහ­ලේ­කම් කුෂාණි රෝහ­ණ­ධීර මහ­ත්මිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභා­වට ඉදි­රි­පත් කිරීම සිදු කෙරේ.

ඉන්ප­සුව කථා­නා­ය­ක­ව­රයා තෝරා­ගැ­නීම සිදු වන අතර, ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 64 (1) ව්‍යව­ස්ථාව සහ පාර්ලි­මේන්තු ස්ථාවර නියෝග 4, 5 සහ 6හි විධි­වි­ධාන ප්‍රකා­රව අනු­පි­ළි­වෙ­ළින් කථා­නා­ය­ක­ව­රයා තෝරා පත්කර ගැනීම, කථා­නා­යක නිල ප්‍රති­ඥාව හෝ දිවු­රුම ලබා­දීම, මන්ත්‍රී­ව­ර­යන් විසින් නිල ප්‍රති­ඥාව හෝ දිවු­රුම ලබා­දීම, නියෝජ්‍ය කථා­නා­යක සහ නියෝජ්‍ය කාරක සභා සභා­ප­ති­ව­රයා තෝරා­පත් කර ගැනීම සිදු කිරී­මට නිය­මි­තය.

දස­වන පාර්ලි­මේ­න්තුව ආරම්භ වන ප්‍රථම දිනය වන අද (21) මන්ත්‍රී­ව­රුන්ට ආසන පැන­වීමේ පිළි­වෙ­ළක් නැති අතර කැමති ආස­න­යක අසුන් ගැනීමේ අව­ස්ථාව ලැබීම විශේ­ෂ­ත්ව­යකි.

මෙම මූලික කට­යුතු අව­සා­නයේ පාර්ලි­මේ­න්තුව තාව­කා­ලි­කව අත්හි­ටු­වීම සිදු වන අතර, ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 32 (4) සහ 33 ව්‍යව­ස්ථා­වල විධි­වි­ධාන ප්‍රකා­රව පෙර­වරු 11.30ට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සභාවේ මුල­සුනේ සිට ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

දස­වැනි පාර්ලි­මේ­න්තුවේ සමා­ර­ම්භක රැස්වී­මට සහ­භාගි වීම සඳහා, පෙර­වරු 9.00 පමණ වන විට පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යට පැමි­ණෙන ලෙස සියලු මන්ත්‍රී­ව­රුන්ට පාර්ලි­මේ­න්තුවේ මහ­ලේ­කම් කුෂාණි රෝහ­ණ­ධීර මහ­ත්මිය දැනුම් දී ඇත.

පාර්ලි­මේ­න්තුව කරා පැමි­ණී­මෙන් පසු මන්ත්‍රී­ව­රුන්ගේ රථ පොලිස් නිල­ධා­රින් විසින් නිය­මිත රථ­ගා­ලට යොමු කරන බවත් ඉන්ප­සුව පාර්ලි­මේ­න්තුවේ ප්‍රවේශ ශාලා­වට පැමිණ ගණ­පූර්ණ සීනුව නාද කරන තෙක් මන්ත්‍රී­ව­රුන් එහි රැඳී සිටි යුතු වේ.

පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු සිය කාල­ත්‍රයා සමඟ පැමි­ණෙන්නේ නම්, පාර්ලි­මේ­න්තුවේ කාර්ය මණ්ඩල ප්‍රවේශ ද්වාරය අබි­ය­සදී සිය රථ­වා­හ­න­ව­ලින් බැසිය යුතු බවත් අනෙ­කුත් සියලු මන්ත්‍රී­ව­රුන් මන්ත්‍රී ප්‍රවේශ ද්වාරය අබි­ය­සදී සිය රථ­ව­ලින් බැසිය යුතු බව­ටත් මන්ත්‍රී­ව­රුන්ට දැනුම් දී ඇත.

දස වැනි පාර්ලි­මේ­න්තුවේ සමා­ර­ම්භ­යෙන් පසුව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් සිය ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය සිදු කිරී­මට නිය­මිත බැවින් පාර්ලි­මේ­න්තු­වෙහි විශේෂ ආර­ක්ෂිත වැඩ­පි­ළි­වෙ­ළක් ද ක්‍රියා­ත්මක කර ඇත.


දස වැනි පාර්ලි­මේ­න්තුවේ පළමු සභා ­වා­රය ආරම්භ කිරී­මෙන් පසුව, ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් පෙර­වරු 11.30ට පමණ ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය හෙවත් රාජා­සන කතාව සිදු­කි­රී­මට නිය­මි­තය.

දස වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සභා රැස්වීම චාම් උත්ස­ව­යක් ලෙස පැවැ­ත්වී­මට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා උප­දෙස් ලබාදී ඇති බැවින් අද (21) ජනා­ධි­ප­ති­ව­රයා පිළි­ගැ­නීම වෙනු­වෙන් ජය මංගල ගාථා, ත්‍රිවිධ හමුදා උත්ත­මා­චාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළ­පාළි ආදි කිසි­වක් මෙම උත්ස­වය සඳහා ඇතු­ළත් නොවීම විශේ­ෂ­ත්ව­යක් වේ.

එහෙත් මෙම උත්ස­වය චාම් හා අභි­මා­න­වත් ලෙස පැවැ­ත්වීම වෙනු­වෙන් සියලු කට­යුතු සංවි­ධා­නය කර ඇති අතර මේ වෙනු­වෙන් පෙර­හුරු වැඩ­ස­ට­හ­නක් ද ඊයේ (20) පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේදී පැවැ­ත්විණි.


ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 33 (අ) ව්‍යව­ස්ථාව අනුව පාර්ලි­මේ­න්තුවේ සභා­වා­ර­යක් ආර­ම්භ­යේදී ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය පාර්ලි­මේ­න්තු­වේදී ඉදි­රි­පත් කිරී­ම­ටත් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 33 (ආ) අනු ව්‍යව­ස්ථාව අනුව පාර්ලි­මේ­න්තුවේ මංගල රැස්වී­ම්වල මුල­සුන දැරී­ම­ටත් ජනා­ධි­ප­ති­ව­ර­යාට බල­තල හිමි වී තිබේ.

මෙහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළි­බඳ සවි­ස්ත­රා­ත්මක විග්‍ර­හ­යක් ජනා­ධි­ප­ති­ව­රයා විසින් සිය ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය මඟින් පාර්ලි­මේ­න්තු­වට සහ මහ­ජ­න­තා­වට ඉදි­රි­පත් කිරීම සිදුවේ.

ජනා­ධි­ප­ති­ව­රයා විසින් සිදු­කි­රී­මට නිය­මිත ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ඉදි­රි­පත් කිරීමේ අව­ස්ථා­වට පැමි­ණෙන සියලු ආරා­ධි­ත­යන් පෙර­වරු 11.00ට පමණ වන විට අසු­න්ගත යුතු වේ.

ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය හෙවත් රාජා­සන කතාව සිදු­කි­රී­මට පාර්ලි­මේන්තු පරි­ශ්‍රය වෙත පැමි­ණෙන ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පාර්ලි­මේන්තු ගොඩ­නැ­ඟිල්ලේ ප්‍රධාන පිය­ගැ­ට­පෙළ අස­ලදී කථා­නා­ය­ක­ව­රයා විසින් පිළි­ගැ­නීම සිදුවේ.


පෙර­වරු 11.15ට පමණ අග්‍රා­මා­ත්‍ය­ව­රිය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යට පැමි­ණීම සිදුවේ. ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පෙර­වරු 11.20ට පමණ පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යට පැමි­ණී­මට නිය­මිත අතර කථා­නා­ය­ක­ව­රයා සහ පාර්ලි­මේ­න්තුවේ මහ ලේකම් කුෂානි රෝහ­ණ­දීර මහ­ත්මිය, පාර්ලි­මේන්තු ගොඩ­නැ­ඟිල්ලේ ප්‍රධාන පිය­ගැ­ට­පෙළ අස­ලදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පිළි­ගැ­නී­මට නිය­මිත වේ. ඉන් අන­තු­රුව වේත්‍ර­ධාරි සහ නියෝජ්‍ය වේත්‍ර­ධාරි පෙරටු කර­ගත් කථා­නා­ය­ක­ව­රයා සහ පාර්ලි­මේ­න්තුවේ මහ­ලේ­ක­ම්ව­රිය විසින් ජනා­ධි­ප­ති­ව­රයා පාර්ලි­මේන්තු මන්දි­රය වෙත කැඳ­වා­ගෙන යෑම සිදුවේ.

අන­තු­රුව පැල­ඳුම් කාම­ර­යට පැමි­ණෙන ජනා­ධි­ප­ති­ව­රයා පෙර­වරු 11.25ට ගණ­පූර්ණ සීනුව නාද වන තෙක් එහි රැඳී සිට සම්ප්‍ර­දා­යට අනුව නියෝජ්‍ය වේත්‍ර­ධාරී, සෙංකෝ­ලය අතැති වේත්‍ර­ධාරී, ජනා­ධි­ප­ති­ව­රයා, කථා­නා­ය­ක­ව­රයා සහ මහ­ලේ­ක­ම්වරු යන අනු­පි­ළි­වෙ­ළට පෙර­හ­රින් සභා­ග­ර්භ­යට ඇතුළු වීම සිදු වේ.


සභා­ග­ර්භ­යට පිවි­සෙන ජනා­ධි­ප­ති­ව­රයා සභාවේ මුල­සුන දරන අතර මෙම අව­ස්ථා­වේදී කථා­නා­ය­ක­ව­රයා, පාර්ලි­මේ­න්තුව කාරක සභා අව­ස්ථා­ව­කදී අසුන් ගන්නා පහළ ආස­නයේ ලේකම් මණ්ඩ­ලය සමඟ අසුන් ගැනීම සිදුවේ. ඉන්ප­සුව ජනා­ධි­ප­ති­ව­රයා විසින් ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ඉදි­රි­පත් කරනු ලැබී­මෙන් පසු සභාව කල් තැබී­මට නිය­මි­තය.

දස වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සභා රැස්වීමේ අව­ස්ථා­වට විදේශ රාජ්‍ය තාන්ත්‍රි­ක­යන් ඇතුළු සම්භා­ව­නීය අමු­ත්තන් පිරි­ස­කට ඇර­යුම් කර ඇති බව ද වේත්‍ර­ධාරී කුෂාන් ජය­රත්න මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය. ඒ අනුව මෙම උත්ස­ව­යට විද්‍යුත් ක්‍රම­යට ආරා­ධනා පත්‍ර (E - Invitations) යොමු­කොට ඇති බව ද වේත්‍ර­ධා­රී­ව­රයා පැව­සීය.