parliament-selection

 මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව, රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්ත අනුව, තරඟ වැදුණු දේශපාලන පක්ෂ 49න් පිළිගත් දේශපාලන පක්ෂ 12ක් සහ ස්වාධීන කණ්ඩායම් 282න් එක් ස්වාධීන කණ්ඩායමක් පමණක් පාර්ලිමේන්තු නියෝජනය ලබා ගැනීමට සමත් වී ඇත.



පාර්ලිමේන්තුවට තේරී පත්වූ දේශපාලන පක්ෂ 12 වන්නේ ජාතික ජන බලවේගය (NPP), සමගි ජන බලවේගය (SJB), ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK), නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (NDF), ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC), සර්වජන බලය (SB), එක්සත් ජාතික පක්ෂය (UNP), ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA), සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය (ACTC), සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය (ACMC), සහ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය යාපනය (SLLP) වේ. ටයරය ලකුණින් තරග කළ ස්වාධීන කණ්ඩායම 17ද පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගැනීමට සමත් වී ඇත.

පළමු වරට මහ මැතිවරණයට තරග කළ සර්වජන බලය ජාතික ලැයිස්තුවෙන් එක් ආසනයක් ලබා ගැනීමට සමත් විය.

දිවංගත ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතාගේ නායකත්වයෙන් යුත් දෙවන පරම්පරාව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) විසින් මෙහෙයවනු ලබන ජන අරගල සන්ධානය, රන්ජන් රාමනායක මහතා විසින් මෙහෙයවනු ලැබූ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ (UDV) සහ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් මෙහෙයවනු ලබන ජන සෙත පෙරමුණ ආසන ලබා ගැනීමට අසමත් විය.