parliament-workshop

දස­වැනි පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වෙනු­වෙන් පාර්ලි­මේන්තු ක්‍රියා­ව­ලිය පිළි­බඳ දැනු­ම්වත් කිරීමේ වැඩ­මු­ළු­වක් අද (25) හෙට (26) සහ අනිද්දා (27 ) යන දින තුනේ දී පෙර­වරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලි­මේ­න්තුවේ කාරක සභා කාමර අංක 01 හි දී පැවැත්වේ.

නව පාර්ලි­මේ­න්තු­වක් ආර­ම්භයේ සම්ප්‍ර­දා­යි­කව සිදු­ක­රනු ලබන කට­යු­ත්තක් ලෙස මෙම වැඩ­මු­ළුව මෙව­රද සංවි­ධාන කර තිබේ. ඒ අනුව අද (25) පෙර­වරු 9.30ට පැවැ­ත්වෙන මෙම වැඩ­මු­ළුවේ සමා­ර­ම්භය සඳහා අග්‍රා­මාත්‍ය ආචාර්ය හරිනි අම­ර­සූ­රිය, කථා­නා­යක ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථා­නා­යක වෛද්‍ය මොහො­මඩ් රිස්වි සාලි,

නියෝජ්‍ය කාරක සභා සභා­පති හේමාලි වීර­සේ­කර, සභා­නා­යක අමාත්‍ය බිමල් රත්නා­යක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස, පාර්ලි­මේ­න්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහ­කාර මහ ලේකම් ඇතුළු පිරි­සක් සහ­භාගී වීමට නිය­මි­තවේ.



මෙම තෙදින වැඩ­මු­ළුවේ දී පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යාගේ භූමි­කාවේ කාර්ය භාරය, පාර්ලි­මේන්තු වර­ප්‍ර­සාද, පාර්ලි­මේ­න්තුව තුළ නීති සම්පා­ධන ක්‍රියා­ව­ලිය, පාර්ලි­මේන්තු කාරක සභා ක්‍රියා­ව­ලිය, පාර්ලි­මේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ විධි විධාන පිළි­බඳ මන්ත්‍රී­ව­ර­යන් දැනු­ම්වත් කිරී­මට අවශ්‍ය කට­යුතු සම්පා­ද­නය කර ඇති අතර, මන්ත්‍රී­ව­ර­යන්ට ඉලෙ­ක්ට්‍රො­නික ඡන්ද ක්‍රමය භාවි­ත­යෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝ­ගික සැසි­යක් ද පැවැ­ත්වී­මට කට­යුතු යොදා තිබේ. තවද දූෂණ විරෝධී පනත මඟින් ස්ථාපිත අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වට අදාළ නීති හා ක්‍රියා­ව­ලින් පිළි­බඳ මෙන්ම මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශයේ පාර්ලි­මේන්තු කට­යුතු අංශයේ කාර්ය­භා­රය පිළි­බඳ ද දැනු­ම්වත් කිරී­මට නිය­මිත වේ.

එමෙන්ම පාර්ලි­මේ­න්තුවේ දෙපා­ර්ත­මේන්තු ප්‍රධා­නීන් සහ කාර්යාංශ ප්‍රධා­නීන් විසින් ඒ ඒ අංශ මඟින් පාර්ලි­මේන්තු ක්‍රියා­ව­ලිය පිළි­බඳ ඔවුන්ගේ දාය­කත්ව හා කාර්ය­යන් පිළි­බඳ ද මන්ත්‍රී­ව­රුන් දැනු­ම්වත් කිරී­මට ද නිය­මි­තය.
(ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්‍යා කරු­ණා­රත්න0