පුද්ගලයෙකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන, නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින්, ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබා ගෙන, ගිනිඅවි පෙන්වා මරණීය තර්ජනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාර්න් දෙදෙනා එවකට ගම්පහ පොලීසියට අනුයුක්තව රාජකාරියේ යෙදී සිට ඇති අතර, වර්තමානයේ වැලිවේරිය පොලීසියට අනුයුක්තව රාජකාරී කරන වයස අවුරුදු 35ත් 39ත් අතර පසුවන උපපොලිස් පරීක්ෂකවරයෙකු සහ සැරයන්වරයෙකු වන බවද පොලීසිය සඳහන් කරයි.
2021 අගෝස්තු මස 6වෙනි දින මෙම නිලධාරින් දෙදෙනා ගම්පහ පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටියදී, ගම්පහ දුම්රියපොළ අසලදී පරගස්තැන්න, තල්දෙන, බදුල්ල ලිපිනයේ පදිංචි දොඩංගොඩ ගන්ඉම හර්මන් වත්ත පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙක් ගංජා කිලෝ 2යි ග්‍රෑම් 270ක් හා ගිනිඅවියක කොටසක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
එම අත්අඩංගුවට ගැනීම සාවද්‍ය බව එම පුද්ගලයා විසින් ගම්පහ කොට්ඨාස භාර නිලධාරී වෙත කරන ලද පැමිණිල්ලට අනුව ඉදිරි විමර්ශන කටයුතු පොලිස්පතිතුමා විසින් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබූ බව පොලීසිය කියයි.ඒ අනුව පැමිණිලිකරුවා සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා සැකකාර සිවිල් පුද්ගලයා සමග 2021 අගෝස්තු 01වෙනි දින පරගස්තැන්න, තල්දෙන, බදුල්ල ලිපිනයේදී අත්අඩංගුවට ගෙන, ඔහුට අයත් දොම්පෙ සමන බැද්ද නිවසට ගෙන ගොස් ඔහුගේ නිවසේ තිබූ මුදල්වලින් 283,500 ක් රන් භාණ්ඩ කිහිපයක්,
රාජ්‍ය බැංකුවක ඒටීඑම් කාඩ්පතක් මගින් රුපියල් 145,000ක මුදලක් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව පැමිණිලිකාර පුද්ගලයාව පොලිස් නිලධාරින් සහ අනෙක් පුද්ගලයා විසින් නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් හා දේපළ බලෙන් ලබාගෙන ඇති බවත්, ගිනිඅවි පෙන්වා මරණීය තර්ජනය කර ඇති බවටත් වැඩිදුරටත් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.
පැමිණිලිකාර පුද්ගලයාට බිය ගන්වා මරණීය තර්ජනය කර, ගිනිඅවි පෙන්වා පහර දීම, නීත්‍යනුකූල නොවන අත්අඩංගුවට ගැනීමක් සිදුකිරිම හා අයුතු රඳවා තබා ගැනීම, මුදල් බලෙන් ලබා ගැනීම, හොරබඩු අලෙවි කිර්ම, රජයේ සේවකයෙකු වශයෙන් බොරු සාක්ෂි ගොනු කිර්ම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරුවන් තිදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වති.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
0 Comments