police-statement-election


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා අද (14) පැවති මහමැතිවරණය ගැන ඉදිරිපත් කළ සම්පූර්ණ වාර්තාව පහතින්




"මේ ඡන්දය සමස්තයක් විදිහට. දිවයින පුරාම ඉතාම සාමකාම ලෙස පැවැත්වුනා කියන කාරණය නිදහස් සහ සාධාරණ මැතිවරණයක් අද දවස තුළ පැවැත් වුණා කියලා අපිට සඳහන් කරන්නට පුළුවන්. විශේෂයෙන්ම දේශපාලන පක්ෂ හතළිස් නමයක්. ඒ වගේම ස්වාධීන කණ්ඩායම් 282ක් මේ සඳහා තරග වැදුණා.

මුළු අපේක්ෂකයන් 8,888 දෙනෙක් මේ සඳහා ඉදිරිපත් වෙලා තිබුණා. අපි අද උදෑසන සිටම මේ සඳහා අපි මුල පෙර සිටම කිව්වා පොලිසිය විදිහට අපි නීතිය ක්රියාත්මක කරනවා.

මැතිවරණ නීතිය කඩ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් කියල ඒ අද දවස පුරාම සියලුම නිලධාරීන් සීරුවෙන් සිටිමින් මේ සඳහා කටයුතු කරනු ලැබුවා. ඒ අනුව අද දවස ඇතුළත මේ වන විට වාර්තා වෙලා තියෙනවා පුද්ගලයන් හතලිස් එක්දෙනෙකු අපි අත්අඩංගුවට ගත්තා. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා.
කල්පිටිය සහ වව්නියා කියන ප්රදේශවලින්.

මෙහිදී වැඩිපුරම අත්අඩංගුවට පත්වෙලා තියෙන්නෙ මේ නීති විරෝධී ප්රචාරක කටයුතුවල යෙදීම සම්බන්ධව තමයි වැඩි පිරිසක් අත්අඩංගුවට පත් වෙන්නේ. ඊට අමතරව ඡායාරූපගත කිරීම් ඒ වගේම ඡන්ද පත්රිකා ඉරා දැමීම, මුදල් බෙදා දීම් පහරදීමේ සිද්ධියට අදාළවත් යම් යම් අත්අඩංගුවට ගැනීම් සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඡන්ද මධ්යස්ථාන නිලධාරියෙකු යම්කිසි ආකාරයකට ඡන්ද රාජකාරි වලින් ඉවත් කරලා තියෙනවා.

ඊට හේතුව තමයි. ඔහු විසින් එය යම් ඡන්දය ප්රකාශ කරන්න ආපු කෙනෙක් ලබන ඇය එල්ලපු අවශ්ය උදව්ව වැරදි විදිහට සිදුකිරීම නිසා ඡන්දය ප්රකාශ කිරීමට හා සහාය ඉල්ලීමේදී එය වැරදි ආකාරයට ඉල්ලපු ආකාරයට කටයුතු නොකිරීමේ හේතුව මත ඔහු ඒ කටයුතු ඉවත් කිරීම ඉවත් කිරීමක් වාර්තා වෙනවා. කාත්තාන්කුඩි ප්රදේශයෙන්.

ඒ වගේම නල්ලතන්නිය ප්රදේශයේදී ගමන් කළ වාහනයක රියදුරා පමණක් සිටින අවස්ථාවක රියදුරා සංචාරය කරන අවස්ථාවක බීමත් පුද්ගලයන් දෙදෙනෙක් යම්කිසි ආකාරයක බාධාවක් කරලා තිබුණා.



එහිදී නල්ලතන්නි ප්රදේශයේ දී එහිදී ඒ බීමත් පුද්ගලයා දෙන්නා අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඊට අමතරව තවත් ස්ථානයක යම්කිසි පුද්ගලයෙක් ඡන්ද මධ්යස්ථානයකට ගිහිල්ලා ඡන්දය ප්රකාශ කිරීමේදී ඡන්ද ඔහුට ලබාදෙන ඡන්ද කාඩ්පත ඡන්ද පත්රිකාව ඉරා දැමීමේ සිද්ධියකටත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා. වාද්දුව ප්රදේශයේදී වයස අවුරුදු 64 ක පුද්ගලයෙක් මීට අමතරව අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගත්තාබමුදල් බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

කල්පිටිය ප්රදේශයේදී මෙයාකාරයට පුද්ගලයින් හතලිස් එක් දෙනෙක් අද දවසේ අත්අඩංගුවට පත්වුණා.

දැන් ඉතිරිව තිබෙන්නේ මූලිකවම ගණන් කිරීමේ මධ්යස්ථානවලට මේ ඡන්ද පෙට්ටි රැගෙන ගිහිල්ලා ඒ ගණන් කිරීමේ ක්රියාවලිය ආරම්භ කිරීම මේ වන විට මේ සියලුම ඡන්ද මධ්යස්ථානවල ඉඳලා මේ ඡන්ද පෙට්ටි රැගෙන යාම ආරම්භ කරලා තියෙනවා. දැන් මේ වන විට ඒ ස්ථානවලට ළඟා වෙමින් පවතිනවා. මෙහිදී ඡන්ද පෙට්ටිය පසුපස ගමන් කිරීමට අවස්ථාව දුන් අදින්නේ අවසරලත් අයට පමණයි.

වෙනත් අයට අපි ගමන් කිරීමට අවස්ථාව දෙන්නේ නැහැ. ඒ වගේම ගණන් කිරීමේ මධ්යස්ථානවල ආරක්ෂාවට දැන්.

දැනට දින කිහිපයක සිට තමයි අපි සොයා බලලා කටයුතු කෙරේ. විශේෂයෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය මේ ස්ථානවල ආරක්ෂාව බාරව කටයුතු කරනවා. බෝම්බ නිෂ්ක්රීය අංශය විසින් පරීක්ෂා කරලා නිල සුනඛයන් විසින් පරීක්ෂා කරලා දැනට දින කිහිපයකට පෙර සිටම මේ ස්ථානවල ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ ඒවගේම ස්ථාන අවට සමහර වෙලාවට මාර්ග බාධක අවට.



සාමාන්යයෙන් වට රවුම් දෙකක් පමණ මාර්ග බාධක යොදලා තියෙනවා සහ ඒවායේ ඒවායින් ඇතුල්වීමට උත්සාහ දරන්න එපා.

ඒ වගේම බීමත්ව එම ස්ථානවලට යන්නට එපා. අවසර ලත් පුද්ගලයෙක් වුණත් අධික ලෙස මත්පැන් පානය කරලා මේ ස්ථානවලට යන්නට උත්සාහ කරනවානම් ඒ සඳහා අවසර ලැබෙන්නේ නැහැ. ඒ වගේම අවසර තිබීම අනිවාර්යයි.

ජංගම දුරකථන රැගෙන යන්නට දෙන්නේ නැහැ. ගණන් කරන ස්ථානවලට ඒ සඳහායි අධාර තේරීම් භාර නිලධාරීන් විසින් සුදුසු ස්ථාන සකස් කරලා තියෙනවා. ඔවුන්ට එය ලබා දුන්නට පස්සේ සුදුසු ස්ථානවල ජංගම දුරකථනය ස්ථානයට බාර දීල ඉන්න භාරගන්නා ස්ථානයට භාර දීලා තමයි.

එය ස්ථානයට යා යුත්තේ නිසා ඒ කාර්ය මණ්ඩලයටවත් වෙන අපේක්ෂකයෙකු හෝ වෙනත් අයකුට වත් එසේ රැගෙන යාමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒ පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වෙනවා හා ඡන්ද ගණන් කිරීමේ මධ්යස්ථාන පනස් හතරක් දිවයින පුරා ස්ථාපිත කරලා මේ 54 ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට අවශ්ය කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම තමයි.

එසේම මේ අවස්ථාව වන විට මෙම ප්රදේශවල කාලගුණික තත්වයන් වල වෙනස්කම් ඇති වන්නට පුළුවන්. ඒ සම්බන්ධයෙනුත් අවධානය යොමුකරලා තියෙනවා ඕනෑම අවස්ථාවක ඒ සඳහා සූදානමින් ඉන්නවා. පොලිසියත් ඒ වගේම ත්රිවිධ හමුදාවත් ඒ අවශ්ය සහාය ලබාදීම සඳහා .

සිදුවීම් වැඩිපුරම සිද්ධ වෙලා තියෙන්නේ ප්රචාරක කටයුතු හා සම්බන්ධ වීම තුළ ඒ හැරෙන්නට විශේෂ ප්රචණ්ඩ ක්රියාවක් හෝ වෙනත් අ සැලකියුතු ආකාරය සාමය කඩවීමේ සිදුවීමක් වාර්තා වෙලා නැහැ. කිසිම ස්ථානයක මහජනතාව සාමකාමීව ගිහිල්ල තමන් තමන්ගේ ඡන්දය ප්රකාශ කරලා තියෙනවා. ඡන්ද මධ්යස්ථානවල සුවිශේෂ සිදුවීම් වාර්තා වෙන්නේ නැහැ.

මා පෙර සඳහන් කර තිබූ පරිදි තිදෙනෙකුගේ මරණ වාර්තා වුණා.එය කනගාටුදායක දෙයක් සේවය සඳහා ගොස් සිටි පොලිස් නිලධාරීන් සහ සිවිල් නිලධාරීන් නිලධාරියෙක් සහ නිලධාරිනියක්.අපි විශ්වාස කරන ආකාරයට ස්වභාවික අසනීප තත්වයක් මත ඒවා සිදුවුනේ.

කෙසේ වෙතත් අවශ්ය පශ්චාත් මරණ කටයුතු තවදුරටත් කිරීමට ඉතුරුව තියෙනවා. මේ සම්බන්ධව අදාළ පළාත්භාර කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු ඍජුව අධීක්ෂණය කරමින් කටයුතු කරනවා. අද මේ වනවිට සියලුම අපගේ මෙහෙයුම් මැදිරි මූලස්ථානය සහ අනිකුත් ප්රදේශ සම්බන්ධ කර දෙන මෙහෙයුම් මැදිරි සියල්ලම ඒකාබද්ධ වෙමින් මේ මැතිවරණ ප්රතිඵලය නිකුත් කරන තුරුම අවශ්ය ආරක්ෂක විධිවිධාන ක්රියාත්මක කරනු ලබනවා.

විශේෂයෙන් අද දවස මට මේ පමණයි සඳහන් කරන්න තියෙන්නේ. අපි ඉල්ලා සිටින්නේ මේ පශ්චාත් මැතිවරණ කාලයත් එයාකාරයෙන්ම පවත්වා ගන්න අවශ්ය සහාය දෙන්න කියන එක. විශේෂයෙන් අවබෝධ කරගතයුතු කාරණයක් වෙනවා. කිසිම ආකාරයකට පෙළපාලි යන්නට දෙන්නේ නැහැ.

පා ගමන් විදිහට හෝ වාහන වලින් පෙළපාලි යන්නට දෙන්නේ නැහැ. ඒ වගේම ප්රතිඵල නැරඹීමේදී විවෘත ස්ථාන වලට පොදු ස්ථානවලට ඒකරාශි වෙලා ඩිජිටල් තිර යොදා ගෙන කණ්ඩායම් වශයෙන් ඒකරාශි වෙලා නරඹන්නට අවස්ථාව දෙන්නැයි වැනි ස්ථාන අපි විසුරුවා හැරීමට කටයුතු කරන නිසා එවැනි ස්ථාන සඳහා එවැනි කටයුතු සඳහා සූදානම් වෙන්න එපා. අනිවාර්යෙන්ම එවැනි අවස්ථා වලට ඉඩ ලබා දීම කරන්න.

විවිධ හමුදා පොලිස් ස්ථානවල සමහර පොලිස් ස්ථානවල ස්ථාන අපි පොදු සේවයේ රාජකාරි යොදලා තිබෙනවා වගේම මේ යම්කිසි ආකාරයක ස්වභාවික ආපදාවක් ඇති වුණොත් එයට මුහුණදීම සඳහා ත්රිවිධ හමුදාව සුදානම් කර තියෙනවා.
මේ දක්වා ත්රිවිධ හමුදා යොදා ගැනීමේ අවශ්යතාවක් මතු වුණේම නැහැ. නමුත් රාත්රී කාලයේ අවශ්යඉමාර්ග බාධක රාජකාරි සඳහා.
ඔවුන් සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරනවා."