සාලිගේ ප්‍රහාරයට බියේ රවි නිවසට පොලිස් ආරක්ෂාව
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රවී කරුණානායකගේ නම ඊයේ (18) ප්‍රකාශයට පත් වීම එම පක්ෂයේ පිපිරීමකට හේතු විය.
සාකච්ඡා අවසන් නොවී තිබියදී තමන්ට ඇති පක්ෂයේ බලතල පාවිච්චි කරමින් රවී අත්තනෝමතිකව තමන්ගේ නම මන්ත්‍රී ධූරයකට නම් කරවා ගැනීම වජිර අබේවර්ධන හා රනිල් වික්‍රමසිංහ යන අයගේ කෝපයට හේතුවිය.
ඔවුන්ගේ යෝජනාව වීතිබුනේ පරාජිත සාගල රත්නායකගේ නම දැමීමය.
පාර්ශව කිහිපයක්ම රවි කරුණානායක කළ ක්‍රියාවට විරෝධතා මතු කර තිබෙන අතරවාරයේ අසාද් සාලි කියා සිටියේ රවි කරුණානායකගේ නිවස වටලා මෙම තීන්දුව යළි හරවා දැමීමට කටයුතු කළ යුතු බවයි.
අද දිනයේදී යම් කලබලයක් ඇති වෙයැයි කළ පැමිනිල්ලකට අනුව රවි කරුණානායකගේ නිවස ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තාවේ.
ලාල්කාන්තගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති ධුරය නාමල්ට
කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය නාමල් කරුණාරත්න මහතාට ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එහි කැබිනට් අමාත්‍ය ධුරය දරන්නේ කේ. ඩී. ලාල්කාන්ත මහතා විසිනි.
දීර්ඝ කාලයක් තිස්සේ බිම් මට්ටමේ ගොවි ජනතාව සමග දේශපාලන කටයුතුවල නියැළෙන නාමල් කරුණාරත්න මහතා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා ද වේ.
සජබ ජාතික ලැයිස්තු තවත් පමාවේ
සමගි ජන සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සඳහා කිසිවකුගේ නමක් ඊයේ (නොවැ. 18) සන්ධ්‍යාව වනතුරුත් මැතිවරණ කොමිසමට ඉදිරිපත් නොකළ බව එම පක්ෂයේ ආරංචි පැවසීය.
ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සඳහා යෝජනා කරන පුද්ගලයන්ගේ නම් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීමට පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා පවත්වමින් සිටින බවද එම ජ්‍යෙෂ්ඨයා පැවසීය.
මේ අනුව, තවමත් එහි අවසන් එකඟතාවක් නොමැති බව එම ආරංචිමාර්ග සඳහන් කළේ ය.
පසුගිය නොවැම්බර් 14 වන දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන සන්ධානය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 5ක් දිනා ගත්තේ ය.
සහල් ආනයනකරුවන්ට ජනපති හමුවෙන්න කැඳවීමක්
සියලුම සහල් ආනයනකරුවන්ට අද (19) උදෑසන 11.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස කැඳවීමක් කර තිබෙන අතර ජනපති සමග සහල් ආනයනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වන්නට ඔවුන් මෙලෙස කැඳවා ඇතැයි දැනගන්නට ලැබේ.වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ ද මීට එක්වනු ඇත.
ඇතැම් සහල් වර්ගවල තොග පවතින්නේ නොවැම්බර් මාසය අවසානය දක්වා පමණක් බැවින් හදිසියේම සහල් ආනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.
මේ වනවිටත් වෙළඳපොලේ නාඩු සහ සුදු කැකුළු සහල් යම් හිඟයක් පවතින අතර ඇතැම් සුපිරි වෙළඳසැල්වල සහල් නිකුත් කිරීම සීමා කර ඇත. එසේම ඇතැම් සුපිරි වෙළඳසැල්වල සහල් මිලදී ගන්නේ නම් කාඩ්පත්වලින් ගෙවීම් කළ නොහැකි අතර අත්පිට මුදලට පමණක් සහල් අලෙවි කරන බවට දැන්වීම් ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැක.
0 Comments