postal-vote-teacher-issue

මහ­නු­වර ප්‍රධාන පාස­ලක දී ඊයේ (01) තැපැල් ඡන්දය ක්‍රියා­ත්මක වූ අව­ස්ථාවේ ඡන්ද පත්‍රි­කාව ළඟ තබා­ගෙන තැපැල් ඡන්දය ලෙස අපේ­ක්ෂක නාම­ලේ­ඛ­නය ලියුම් කව­ර­යට දමා විදු­හ­ල්ප­ති­ව­ර­යාට භාර දුන් බව කියන ගුරු­ව­රි­යක් මහ­නු­වර පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

තැපැල් ඡන්දය ඊයේ (01) පෙර­ව­රුවේ ප්‍රකාශ කිරී­මෙන් අන­තු­රුව නි‍ෙව­සට ගොස් තිබෙන ගුරු­ව­රිය එහි දී තම අත්බෑ­ගය පරීක්ෂා කිරීමේ දී තැපැල් ඡන්ද පත්‍රි­කාව එහි තිබෙනු දැක ඇත.

ඒ මොහො­තේම ඇය විදු­හ­ලට පැමිණ තමන් අතින් සිදුව තිබෙන වරද පිළි­බ­ඳව විදු­හ­ල්ප­ති­ව­රයා දැනු­වත් කර­මින් ඡන්ද පත්‍රි­කාව ලබා දී තිබේ.

ඡන්ද පත්‍රි­කාව බැහැර ගෙන යාම මැති­ව­රණ නීතිය යටතේ වර­දක් බැවින් විදු­හ­ල්ප­ති­ව­රයා මේ සම්බ­න්ධව මැති­ව­රණ නිල­ධා­රින් දැනු­වත් කර සිද්ධිය පිළි­බ­ඳව පොලි­සි­යට පැමි­ණිලි කර ඇත.

ඡන්දය ප්‍රකාශ කරන අව­ස්ථාවේ තැපැල් ඡන්ද පත්‍රි­කාව සමඟ මනාප ලකුණු කිරීමේ පහ­සුව සඳහා අපේ­ක්ෂක නම් හා අංක ඇතු­ළත් පත්‍රි­කා­වක් සෑම පුද්ග­ල­යෙ­කු­ටම ලබා­දීම සිදු කෙරෙයි.



තම දරුවා කොත­ලා­වල ආර­ක්ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ අධ්‍යා­ප­නය ලබන බවත් දුන්හිඳ ප්‍රදේ­ශයේ දී සිදුවූ මාරක අන­තුර පිළි­බඳ දැන ගැනී­මෙන් පසු දුර­ක­තන ඇම­තුම් කිහි­ප­යක් ගත් නමුත් ඔහු ඊට ප්‍රති­චාර නොදැක් වූ නිසා තමන් දැඩි නොස­න්සු­න්තා­ව­කින් පසුවූ බවත් ගුරු­ව­රිය පොලි­සි­යට පවසා තිබේ.

හිතා­මතා වර­දක් කළේ නම් තමන් කිසි­වි­ටෙ­කත් ඡන්ද පත්‍රි­කාව යළි භාර­දී­මට නොපැ­මි­ණෙන බව ද ඇය පවසා ඇත. ඡන්ද පත්‍රි­කාව නි‍ෙව­සට රැගෙන ගිය ගුරු­ව­රිය නිවැ­රැදි ලෙස ඡන්දය පාවිච්චි කර තිබෙන බවට විදු­හ­ල්ප­ති­ව­රයා විසින් සට­හන් යොදා තිබුණේ නම් මැති­ව­රණ නීතිය අනුව ඔහු ද වර­දක් සිදු කර තිබෙන බව පොලි­සිය පව­සයි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් මහ­නු­වර පොලි­සිය විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබෙන අතර අදාළ ගුරු­ව­රිය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.
(අසේල කුරු­ළු­වංශ)